Home දේශිය පුවත් මාස හයක් පටක බැංකුවේ තිබුණු හිස් කබල, නැවතත් සැත්කමකින් බද්ධ කරයි.. අඳුරු...

මාස හයක් පටක බැංකුවේ තිබුණු හිස් කබල, නැවතත් සැත්කමකින් බද්ධ කරයි.. අඳුරු පාස්කුවේ මතක මැද අදත් දුෂ්කර ජීවිතයක් ගෙනව ස්නේහා..

0
272

මේ වගේ සැඟවී ගිය තවත් කඳුළු කතා මොන තරම් නම් ඇතිද..?

ඒ අතරින් ඇය තවත් කෙනෙක්. ස්නේහා මින්දනී, එදා කටුවාපිටියේදී බෝම්බ ප්‍රහාරයට ලක් වූ දියණියක්.

ස්නේහා අදත් දිවි ගෙවන්නේ බොහෝ දුෂ්කරතා මධ්‍යයේයි. ඒ එදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඇයට අත්වුණු කඳුළු ඉරණම නිසා අද ඇය හුස්ම ගන්නේ දුශ්කරතා රැසක් මැදයි.

බෝම්බ ප්‍රහාරයෙන් ඇගේ හිසට බරපතල ලෙස හානි සිදුව තිබූ අතර ඇගේ හිස් කබලේ ඉදිරිපස කොටස ගලවා මාස 6ක කාලයක් පටක බැංකුවේ තැන්පත් කර යළි සැත්කමකින් හිසට බද්ධ කර තිබෙනවා.

ඒත් ඇයට එදා ගෙවූ සරල දිවිය ගෙවන්නට හැකියාවක් ලැබී නැහැ.

ඇයගේ වයසේ පසුවෙන සම වයස් පිරිස හා සමාන ලෙස ජීවත්වන්නට ඇති හැකියාව ඇයට ගිලිහී යන්නේ මීට වසර 7කට ඉහතදී සිදුවූ ඒ අඳුරු සිදුවීම නිසායි.

Previous articleදවසක් තුල මතකය නැති වෙයි.. ලොවක් ආදරේ කරන සායි පල්ලවී ගැන ලෝකයක් කතා කරන අලුත්ම ආරංචිය මෙන්න..
Next articleප්ලේන් එකේ යනකොට වීඩියෝ කරන්න තාත්තේ!” රට යන තාත්තාගේ අතට දුව දීපු ලෝකේ වටිනාම ලියුම.
error: Content is protected !!
Verified by MonsterInsights