Home දේශිය පුවත් සල්ලි එපා අම්මේ..මට පින විතරක් දෙන්න..පැය 4ක මෙහෙයුමකින් පසු වාද්දූවේ ත්‍රිවීල්...

සල්ලි එපා අම්මේ..මට පින විතරක් දෙන්න..පැය 4ක මෙහෙයුමකින් පසු වාද්දූවේ ත්‍රිවීල් කාරයා කර උතුම් ක්‍රියාව ගැන ඇසෙන කතාව මෙන්න..

0
293

චම්පික ජයසේකර ඉන්නේ පොතුපිටිය ත්‍රීවිල් පාර්ක් එකේ. අහිංසක අම්මා කෙනෙකුයි දරුවො දෙන්නයි මතුගම ඉදන් ආපු බස් එකෙන් බැස්සා.

” අනේ පුතේ මගේ ෆෝන් එක බස් එකේ මා ළග හිටිය මිනිහ අරගෙන, මම හිතුව බහිද්දි තදවෙනකොට ” කියනකොටම චම්පික ත්‍රිවිල් එක ස්ටාර්ට් කරල ” නගින්න තුන්දෙනාම, මම බස් එක ෆලෝ කරන්නම් ” කියලා බස් එක පිටිපස්සෙ ත්‍රිවිල් එක හැටට හැටේ ෆලෝ කරනවා.

” අන්න පුතේ මගේ ෆෝන් එක සොරකම් කරපු කෙනා ඇවිද ගෙන යනවා” . මෑන් මගින් බැහැල හැංගෙන්න යද්දී පොහද්දරමුල්ල දී චම්පික ත්‍රීවිල් එකෙන් බැහැල දුවල ගිහින් අල්ලගන්නවා. ෆෝන් එක සාක්කුවේ. එවෙලෙම 119 ගහල පොලිසිය ගෙන්වල භාරදෙනවා. ඊටපස්සෙ තුන්දෙනාවත් ත්‍රීවිල් එකෙන්ම වාද්දුව පොලිසියට ඇරලවනවා.

” පුතේ ගාස්තුව කීයද ” . පර්ස් එකේම 700 යි. ” මට සල්ලි එපා අම්මා, ඔයාල දුන්න පිං මට මිළ කරන්න බෑ”. සාක්කිය දෙන්නත් එක්ක පැය 4 ක් රස්තියාදුව. හයර් කිහිපයකුත් මගහැරිලා.

සම්මාන පුදනකොට දෙන්න ඕන මෙහෙම අයට. ත්‍රීවිල් පාර්ක් වල චන්ඩි වගේ හිටියට මෙහෙම වීරයෝ අද හරි අඩුයි.

Previous articleවහා Mrs / Ms චන්දිමාල්ව අත් අඩංගුවට ගන්නා ලෙසට සමාජයෙන් විරෝදයක් !
Next articleකවදාවත් පරණ ඇදුම් අදින්න එපා මෙන්න මේ නිසයි..ධනය බලය එක රැයෙන් නැති වී ඔබේ වාසනාව අවහිර වී සිඟමනටම ඇද දමනවා කියලා ඔබ දන්නවාද ?
error: Content is protected !!
Verified by MonsterInsights