චම්පික ජයසේකර ඉන්නේ පොතුපිටිය ත්‍රීවිල් පාර්ක් එකේ. අහිංසක අම්මා කෙනෙකුයි දරුවො දෙන්නයි මතුගම ඉදන් ආපු බස් එකෙන් බැස්සා.
” අනේ පුතේ මගේ ෆෝන් එක බස් එකේ මා ළග හිටිය මිනිහ අරගෙන, මම හිතුව බහිද්දි තදවෙනකොට ” කියනකොටම චම්පික ත්‍රිවිල් එක ස්ටාර්ට් කරල ” නගින්න තුන්දෙනාම, මම බස් එක ෆලෝ කරන්නම් ” කියලා බස් එක පිටිපස්සෙ ත්‍රිවිල් එක හැටට හැටේ ෆලෝ කරනවා.
” අන්න පුතේ මගේ ෆෝන් එක සොරකම් කරපු කෙනා ඇවිද ගෙන යනවා” . මෑන් මගින් බැහැල හැංගෙන්න යද්දී පොහද්දරමුල්ල දී චම්පික ත්‍රීවිල් එකෙන් බැහැල දුවල ගිහින් අල්ලගන්නවා. ෆෝන් එක සාක්කුවේ. එවෙලෙම 119 ගහල පොලිසිය ගෙන්වල භාරදෙනවා. ඊටපස්සෙ තුන්දෙනාවත් ත්‍රීවිල් එකෙන්ම වාද්දුව පොලිසියට ඇරලවනවා.
” පුතේ ගාස්තුව කීයද ” . පර්ස් එකේම 700 යි. ” මට සල්ලි එපා අම්මා, ඔයාල දුන්න පිං මට මිළ කරන්න බෑ”. සාක්කිය දෙන්නත් එක්ක පැය 4 ක් රස්තියාදුව. හයර් කිහිපයකුත් මගහැරිලා.
සම්මාන පුදනකොට දෙන්න ඕන මෙහෙම අයට. ත්‍රීවිල් පාර්ක් වල චන්ඩි වගේ හිටියට මෙහෙම වීරයෝ අද හරි අඩුයි.










