Home තරු ගොසිප් අම්මපා අපි කසාද බඳින්ටත් කලින්ම ඉතිං නූපන් පුතණ්ඩියා වෙනුවෙන් මං සිංදුවක් ලියන්ට...

අම්මපා අපි කසාද බඳින්ටත් කලින්ම ඉතිං නූපන් පුතණ්ඩියා වෙනුවෙන් මං සිංදුවක් ලියන්ට පටන් ගත්තා…” පුංචි කෛලාෂ් ගැන හීන දැකපු කාලේ ඉඳලා මතකය අවදි කරපු කසුන්..

0
422
පෙම්වතුන් පෙම්වතියන් ආලයෙන් වෙලෙන කාලයේදීම දරුවන් ගැන සිහින දකින අවස්තා, ඒ හීන හැබෑ වෙන අවස්ථා ඕනෑ තරම් අපි මේ ලෝකේ දැකලා තියනවා.

ඉතින් ඔන්න මේ කෝඩුකාර ජෝඩුවත් ඒ කාලේ ඉඳලාම හීන දැකලා තියෙන්නේ පුතණ්ඩියෙක් මේ පවුලට එකතු කරගන්නයි. ඒ මතක මොන තරම් ලස්සන ඇතිද..?

හැමවෙලාවකම කවි කාරයෙක් වෙච්ච කසුන්ට ඒ කාලේ නම් ප්‍රශ්න ගොඩක් තිබුණා කියලා තමයි කසුන් නම් කියන්නේ. ඔන්න ඉතින් බලන්නකෝ සුරතල් කෛලාෂ් එන්නත් කලින් ඒ දෙන්නා දැකලා තියන හීන ගොන්න..

“මායි හාමිනෙයි පෙමින් බැඳෙන්නයි – පෙම් කතා කියන්නයි පටන් ගත්තු මුල් කාලෙ එයා මුලීන්ම වදන්ටාස පුතෙකුය කියල අම්මාමය සරින් මට කීවා. ඉන්පස්සෙ මාත් ඒං ඒ හීනෙ දිගේම රූටලා ගිහිං පුතෙක් ලැබුණොත් දාන්නෝනි නාමය මොකක්දැයි හිත හිත කල්පනා සාගරේ පත්ලටම ගිලුණා.

සුර අසුර යුද්ධෙ වෙලාවෙ විෂ්ණු දේවෝත්තමයා කිරි සයුර කළඹා නේක වස්තු සොයාගත්තා හේ ඒං එතකොට මට නමක් සිහිපත් වුණා. කෛලාෂ් ! කෛලාෂ පර්වතේ ශිව දෙයියන්ගෙ වාසභවන.

අම්මපා අපි කසාද බඳින්ටත් කලින්ම ඉතිං නූපන් පුතණ්ඩියා වෙනුවෙන් මං සිංදුවක් ලියන්ට පටන් ගත්තා. ඒක පුතාගෙ මුල්ම උපන් දින සැමරුම දා එළිදැකපු ‘දොයි දොයි දෙයියා’ නෙමෙයි. මේක මං ලියන්න ගත්තට ඉවර කරන්න ලැබුණෙ ගීයෙ මුල් කොටහ විතරයි. ඒක හීං සීරුවෙ අමතකම වුණා.

මේ මෑත දිනේක මට ආයෙ එකී කුළුඳුල් ගීය මතකෙට ආවා. මේ පාන්දර ජාමෙ ඒං ඒක මං සපුරාම ලියා ඉවරයක් කළා. විසාල මහන්සියක් දෙයියෝ.

මේක මයෙ කෛලාෂ් පුතා වෙනුවෙන් විතරක් ලියවිච්ච ගීයක් නෙමෙයි. මේ ලෝක ධාතුවෙ සියලු දරුවන්ට මේ ගීය අතිශයින් අදාළයි. අයිතියි. විශේෂයෙන් මව්වත් ගුණැති තාත්තලටත් ! ඇයි අම්මලටත් !

ලියන්නා හැටියට මං ආසයි මේක ‘පිරිමි හඬකින්’ ගැයෙනව නං. මොකද එතකොට ‘අප්පච්චිලා කිසිදා නොකියන නිහඬ ප්‍රේමයට’ එකී පුරුෂ ස්වරයෙන් කටහඬක් ලැබේවි. ඒකට මයෙ ඔළුවෙ තාම ගායකයෙක් නෑ. මං ආසයි මේ පද රචනාව කියෝල ‘මේක ගයන්න හරිම සුදුස්සා’ කවුද කියල ඔයාලම කියනව නං.

ඒ කෙනාගෙ නම මේක යටින් ලියනව නං. ඉන්පස්සෙ අපිට පුළුවනි වැඩිමනක් කැමැත්ත පිරි ගයුවාණන් ලවා මේ හීනෙ සුගයන්ට.

ලස්සන ම දේ මයෙ බිරින්දෑ මාධවී පවා මේං මේ ගී පද රචනාව ඇස් දෙකට දකින්නෙ දැන් ! ඈ මෙවෙලෙ පුතණ්ඩියවත් තුරුල් කරගෙන සනීපෙට මැ නිදි.

ඇහැ ඇරියම ඈව මෙහෙව් සුන්දර පුංචි දේකින් සප්‍රයිස් කරන්ට පුදුම තරං ආසයි මං. එහෙනං කියවල බලන්නකො උණු උණුවෙ ලිව්ව මේ සිංදුව..

සන්තාන සත්කූට හද ගැඹර සිඹලා
මන්දාරමේ සීත පිනි බිංදු ඉසිලා
ශෘංගාර කුමරියක මව් පදවි ලබලා
කෛලාෂ පර්වතය සේ සතුට පිරිලා
සිපගත්ත මුල් දවස මට තාම මතකයි
පෙම්බරිය මව්වතිය වී දිවිය සුවඳයි..
දිගු කාලයක් උන්නු කඳුලැල්ල හංගා
සංසාරයක් හීන ඇස් අතර රන්දා
දේදුන්නෙ හිනැහිච්ච සත්පාට කැන්දා
පුර පෝය සඳවතිය කරකාර බැන්දා
සිපගත්ත මුල් දවස මට තාම මතකයි
පෙම්බරිය මව්වතිය වී දිවිය සුවඳයි..
හිස් වෙච්ච දිවි බඳුන ප්‍රේමයෙන් පිරුණා
හිත්පොඩ්ඩ රිද්දාපු සැඩ සුළං මැකුණා
වස් දොස් ද පිංසාර සෙත් සුවය දුන්නා
කිරි සුවඳ සඳ කුමරු හුස්මක්ව උන්නා
සිපගත්ත මුල් දවස මට තාම මතකයි
පෙම්බරිය මව්වතිය වී දිවිය සුවඳයි..”

Previous articleමහා සෑ රදුන් අභියස අහස් කුස මවපු ඒ අසිරිමත් දසුන ඔබ දුටුවාද? ස්වර්ණමාලී සෑ රදුන් වැඳපු සක්දෙව් පුවත යළි මතක් වෙයි!
Next articleචන්දිමාල්ට එරෙහිව සෙට් එකක් CID එකට..
error: Content is protected !!
Verified by MonsterInsights