Home තරු ගොසිප් “ලෝකයේ චෝදනා නසා… ආදරය පෑහෙනා නිසා” කසුන්-මාධවී දෙවැනි විවාහ සංවත්සරයට සුදත් ඇන්තනි...

“ලෝකයේ චෝදනා නසා… ආදරය පෑහෙනා නිසා” කසුන්-මාධවී දෙවැනි විවාහ සංවත්සරයට සුදත් ඇන්තනි ලියූ ආදරණීය සටහන..

0
7
කලා ලෝකයේ වගේම සමාජ මාධ්‍යවලත් නිතරම කාගේත් අවධානය දිනාගන්නා, තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව ආදරණීය ජීවිතයක් ගත කරන සුන්දර යුවළක් තමයි මාධවී ඇන්තනි සහ කසුන් මහේන්ද්‍ර.

විවිධ කටකතා, විවේචන සහ බාධක මධ්‍යයේ වුවත් නොසැලී, ආදරයෙන්ම ඒ හැමදේටම පිළිතුරු දුන් ඔවුන් දෙදෙනා යුගදිවියට එළඹිලා හරියටම වසර දෙකක් සපිරෙනවා.

පුංචි පුතෙකුගේ සුරතල් මැද ගෙවෙන ඔවුන්ගේ මේ සුන්දර කැදැල්ලේ දෙවැනි විවාහ සංවත්සරය වෙනුවෙන්, මාධවීගේ ආදරණීය බාප්පා වන ප්‍රවීණ කලාකරු සුදත් ඇන්තනි මුහුණුපොතට එකතු කළ සටහනක් මේ වන විට කාගේත් අවධානයට ලක්ව තිබෙනවා.

කසුන් මහේන්ද්‍රගේම කවියක ආභාෂය ලබමින්, හරිම අපූරු වදන් පෙළකින් සුදත් ඇන්තනි ඔවුන්ට ආශිර්වාද කර තිබුණේ මෙන්න මෙහෙමයි.

“ලෝකයේ චෝදනා නසා…….
ආදරේ පෑහෙනා නිසා…….
ඉතිං උන් බැන්දා !

සමාජයේ කතාබහට ලක්වන මේ ආදරණීය යුවළගේ දෙවැනි කදීම විවාහ සංවත්සරය වෙනුවෙන් සුදත් ඇන්තනි මහතා, “අදට දෙවසරයි. ජය වේවා….සුබ වේවා…. ආවඩා ආයු බෝ වේවා” යනුවෙන් හෘදයාංගමව සුබ පැතුම් එකතු කර තිබුණා.
Previous articleබාත්රූම් එකේ මෙහෙම නාන හැමෝම අනිවාර්යයෙන්ම බලන්න… ඔබ නොහිතන මොහොතක පණ පිටින් සිද්ධ වෙන මහා විනාශය මෙන්න!
Next articleඅමෙරිකාවෙන් බංග්ලාදේශයට ආපු කිලෝ 1000ක ‘ඩොනල්ඩ් ට්‍රම්ප්’ සමාජ මාධ්‍ය කැළඹූ අපූරු ‘මී හරකා’ මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights