Home සයුරෙන් එහා පුවත් දරුනු පි ළි කාවක් සමග සටන් කරන ගමන් උපතින්ම ආබාදිත පුතා සමග...

දරුනු පි ළි කාවක් සමග සටන් කරන ගමන් උපතින්ම ආබාදිත පුතා සමග මි ය යන්න ආසන්නව සිටියදීත් ආබාදිත ළමයින් 80ක් බලාගත් මොහොමඩ්ගේ සංවේදී ජීවිත කතාව..

0
23

දරුනු පිළිකාවක් සමග සටන් කරන ගමන්
උපතින්ම ආබාදිත පුතා සමග මිය යන්න ආසන්නව සිටි ආබාදිත ළමයින් 80ක් බලාගත් මොහොමඩ්ගේ සංවේදී ජීවිත කතාව,

අප ජීවත් වන ලෝකය සමහර වෙලාවට හරිම රළුයි. හැමෝම දුවන්නේ තමන්ගේ සැපසම්පත්, සතුට පස්සේ. හැබැයි ඒ අතරේ, අනුන්ගේ වේදනාව තමන්ගේ කරගෙන, මරණය පෙනි පෙනී ඉන්න අසරණ දරුවන්ට “තාත්තා” කෙනෙක් වුණු අසිරිමත් මිනිසෙක් ගැනයි මේ කියන්න යන්නේ.

ඔහු නමින් මොහොමඩ් බ්සීක්. ලිබියාවේ ඉඳලා ඇමරිකාවට එන්නේ ඉංජිනේරු විද්‍යාව ඉගෙන ගන්න. හැබැයි දෛවය ඔහුට ලියලා තිබුණේ ගොඩනැගිලි හදන ඉංජිනේරුවෙක් වෙන්න නෙවෙයි, බිඳුණු හදවත් සුවපත් කරන මනුෂ්‍යත්වයේ ඉංජිනේරුවෙක් වෙන්න.

1989 අවුරුද්දේ මොහොමඩ් සහ ඔහුගේ බිරිඳ ඩෝන් (Dawn) තීරණය කරනවා ෆොස්ටර් කෙයාර් එහෙමත් නැත්නම් හදාගන්න දරුවන් පිරිසක් තමන්ගේ නිවසට ගන්න. මුලින් සාමාන්‍ය දරුවන්ව බලාගත්තත්, ටික කාලෙකින් ඔවුන්ට වැටහුණා එක දෙයක්…
“අනිත් හැම දරුවෙක්ටම යන්න තැනක් තියෙනවා. හැබැයි දරුණු විදියට ලෙඩ වුණු, මරණය අත ලඟ ඉන්න දරුවන්ව භාරගන්න කවුරුත් කැමති නැහැ.”

මේ වේදනාකාරී ඇත්ත අවබෝධ කරගත්ත මොහොමඩ් සහ ඩෝන් එදා ලෝකයම පුදුම කරන තීරණයක් ගත්තා. ඔවුන් තීරණය කළා කාටත් එපා වුණු, මාරාන්තික රෝගවලින් පෙළෙන දරුවන්ව පමණක් තමන්ගේ නිවසට ගේන්න.

හිතන්න, ඔබ දරුවෙක්ව හදාගන්නේ ඒ දරුවා ලොකු වෙලා සමාජයේ ඉහළට යනවා දකින්න නේද? හැබැයි මොහොමඩ් දරුවෙක්ව තමන්ගේ ගෙදරට ගේන්නේ, ඒ දරුවා තව මාස කිහිපයකින් හෝ දින කිහිපයකින් මිය යන බව දැනගෙනයි.

ඔහු ඒ දරුවන්ගේ ආදරෙන් බලා ගන්නවා,. ඔවුන්ට ආදරය කරනවා. තමන්ගේම දරුවන්ට වගේ සලකනවා.
අවසානයේ ඒ දරුවා මේ ලෝකයෙන් සමුගන්නා මොහොතේ, තනිකම දැනෙන්න නොදී තමන්ගේ පපුවට තුරුළු කරගෙන ඉන්නවා.

මේ වන විට ඔහු දරුවන් 80කට අධික පිරිසක් රැකබලාගෙන තියෙනවා. ඉන් දරුවන් විශාල ප්‍රමාණයක් ඔහුගේ දෑත් මතම අවසන් හුස්ම හෙළා තිබෙනවා. ඒ වේදනාව දරාගන්න සාමාන්‍ය මිනිසෙකුට පුළුවන්ද..?

මේ විදියට ගෙවපු ජීවිතය ජීවිතය මොහොමඩ්ට ලෙහෙසි වුණේ නැහැ. ඔහුගේ ආදරණීය බිරිඳ ඩෝන් 2014 වසරේදී මිය යනවා. ඇයගේ මරණයට හේතු වූයේ දීර්ඝ කාලයක් තිස්සේ ඇය පීඩා විඳි ස්නායු ආබාධයක් සහ ඒ ආශ්‍රිතව ඇති වූ සංකූලතාවලින් පැන නැඟුණු හුස්ම ගැනීමේ අපහසුතාවයි. ඔහුගේ එකම පුතා වන ඇඩම් ඉපදෙන්නේ ඉතා අසාධ්‍ය රෝගී තත්ත්වයන් එක්ක. මෑතකදී මොහොමඩ්ට පිළිකාවක් වැළඳෙනවා. ඒත් ඔහු සැලුනේ නැහැ…

අද ඔහු ලඟ ඉන්න දියණියට ඇස පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ, අතපය හොලවන්න බැහැ. ඇය ඉන්නේ මැෂින් එකක ආධාරයෙන්. හැබැයි මොහොමඩ් ඇය ලඟට වෙලා හැමදාම කතා කරනවා. ලස්සන කතන්දර කියනවා..
“මම දන්නවා ඇයට මාව ඇහෙන්නේ නැති බව. හැබැයි මම විශ්වාස කරනවා ඇයට මගේ ආදරය දැනෙනවා කියලා.” ඔහු පවසන්නේ ඇස්වල කඳුළු පුරවාගෙන,

මිතුරනි සැබෑ ආදරය කියන්නේ අයිති කරගැනීම නෙවෙයි තමන්ට කිසිම වාසියක් නැති බව දැන දැනත්, තව කෙනෙක් වෙනුවෙන් කැපවීමයි සැබෑ ආදරය.

මරණය කියන්නේ ඕනෑම කෙනෙක් බය වෙන දෙයක්. හැබැයි ඒ මොහොතේ තනියම මැරෙන්න දෙනවා වෙනුවට, ආදරණීය තාත්තා කෙනෙක්ගේ පපුවේ උණුසුම දැනෙන්න දෙන එක කොච්චර උතුම්ද..?
මේ මනුෂ්‍යත්වයේ සැබෑ වීරයා වෙනුවෙන් හදවතින්ම ගෞරව කරමු! ❤️🙏

 

Previous articleලෝකෙම වසඟ කරගත් සුරංගනාවියක් වගේ ලස්සන ලෝනි විලිසන් සිදුකරගත් වැරදි විවාහයක් නිසා අද පාරේ කුණු බක්කි හාරමින් ගෙවන ජීවිතය ගැන ඇසෙන දුක්බර කතාව මෙන්න.
Next articleහොඳම මිතුරාගෙන් වුන අත්වැරදීමක් නිසා ජීවිතයෙන් සමුගත්ත තරුණියගේ අවසන් කැමැත්තක් නිසා බේරුණූ ජිවිත..හැමෝම හඩවපු ලොවක් කම්පා කල ඒ පුවත මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights