Home සයුරෙන් එහා පුවත් “ආලෝකා” පෙර ආත්මයක මහණදම් පිරූ යතිවරයෙක්ද?

“ආලෝකා” පෙර ආත්මයක මහණදම් පිරූ යතිවරයෙක්ද?

0
149

❤️🔴”ආලෝකා” පෙර ආත්මයක මහණදම් පිරූ යතිවරයෙක්ද? සඟ සෙවණටම ඇදෙන පින්වන්ත “ආලෝකා”

පඤ්ඤාකාර ස්වාමීන්වහන්සේගේ විශ්වාසයට අනුව, “ආලෝකා” යනු හුදු තිරිසන් සතෙකුට වඩා එහා ගිය, පෙර ආත්මයක මහණදම් පිරූ හිමිනමකි. එම උතුම් පුරුද්ද හා සබැඳි වාසනා ගුණය නිසාම, මේ ජීවිතයේදීත් ඔහු නිරන්තරයෙන් මහා සංඝයා වහන්සේලා පසුපස මෙතරම් සෙනෙහසින් හා ගෞරවයෙන් ලුහුබැඳ එන බව පැහැදිලිය. ආලෝකා තුළින් දිස්වන එම අසීමිත ශ්‍රද්ධාව සහ සංඝයා කෙරෙහි ඇති ලැදියාව කාගේත් නෙතට කඳුළක් එක්කරන තරමටම අසිරිමත් දසුනකි.

මතු ජීවිතයක සැබෑ දහම් ආලෝකය සොයාගන්නට වාසනාව ලැබේවා යන උතුම් අරමුණ පෙරදැරි කරගෙන ඔහුට “ආලෝකා” යන නම තබා ඇත. මේ දුෂ්කර සංසාර ගමනේ කෙළවර දවසක, උතුම් වූ අමා මහ නිවන් ආලෝකයම ආලෝකාට උදා වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු. අඳුරෙන් එළියට යන මාවතක මෙම පින්වන්ත ජීවියාට සැනසීම උදාවීම මුළුමහත් සත්ව සංහතියටම මහත් ආශිර්වාදයකි.

Previous articleසැමියා යෙහෙළියගේ මංගල සාදයට නොයෑම ජීවිතය නැති කරගන්න තරම් හේතූවක් ද ?
Next articleසන්නාහයකින් සැරසී ආ කිම් කාර්ඩේෂියන් මෙට් ගාලා රතු පලස හොල්මන් කරයි! විලාසිතා ලොවම මවිත කළ ඒ “ලෝකඩ” ආගමනය මෙන්න!
error: Content is protected !!
Verified by MonsterInsights