Home තරු ගොසිප් රටවල් 50ක සුරූපිනියන් පරදා ලංකාවට කිරුළ ගේන්න යන අපේ රටේ දක්ෂ වෛද්‍යවරිය...

රටවල් 50ක සුරූපිනියන් පරදා ලංකාවට කිරුළ ගේන්න යන අපේ රටේ දක්ෂ වෛද්‍යවරිය මෙන්න! අලුයම ගුවන් තොටුපොළේදී වූ දේ…

0
420

ශ්‍රී ලාංකීය නාමය ලෝකය හමුවේ බැබළවීමට තවත් ලස්සනම ලස්සන රූ රැජිනියක් (10) අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

ඒ තුර්කියේ අන්තාලියා නුවර පැවැත්වෙන 2026 “Miss Aura International” කිරුළ ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ අදිටනින්.

මෙම තරගාවලියට සහභාගී වන දෙවීනා නවීක්ෂි මෙනෙවිය ගැන කතා කරන විට ඇයගේ තිබෙන සුවිශේෂීම දක්ෂතාවය තමයි ඇය වෘත්තියෙන් වෛද්‍යවරියක වීම. සුදු කෝට් එක ඇඳගෙන රෝගීන් සුවපත් කරන අතරතුරම, ලෝක රූ රැජින වේදිකාවත් තමන්ගේ රූ සපුවෙන් ආක්‍රමණය කරන්න දෙවීනා සූදානම් වෙලා ඉන්නවා.

ඇය අද අලුයම එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK-649 ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් තමයි මේ ගමන ආරම්භ කළේ. ලොව පුරා රටවල් 50ක සුරූපිනියන් සමඟ කරට කර තරග කරන්නට යන දෙවීනාට මඟ පෙන්වන්නට සහ සුබ පතන්නට පිරිසක්ද ගුවන් තොටුපොළට පැමිණ සිටියා.

ලෝකයේ දක්ෂතම රූ රැජිනියන් 50 දෙනෙකු සහභාගී වන මෙම Miss Aura International තරගාවලිය මැයි 10 වනදා සිට මැයි 22 වනදා දක්වා තුර්කියේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතයි.

රංගනයට හෝ නිරූපණයට පමණක් සීමා නොවී, වෛද්‍ය වෘත්තියේ නිරත වෙමින් මෙවැනි ජාත්‍යන්තර වේදිකාවක ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ලැබීම ඇත්තටම ඇය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්.

Previous articleලෝකයම හෙල්ලූ සුරූපි වැඩිහිටි චිත්‍රපට නිළි Mia Z ලංකාවේ කොල්ලොත් එක්ක ගත්තු ෆොටෝස් වයිරල් වෙද්දී ඇය ලංකාව ගැන කියපු වෙනස්ම කතාව මෙන්න.
Next articleහිරුත් – සඳුත් පරදා නිවී ගිය බෝසිරිපුරේ පහන – තාත්තා කෙනෙක් මෙහෙමත් කරයිද?
error: Content is protected !!
Verified by MonsterInsights