Home Uncategorized විජේගේ දිවුරුම් දීමේ උළෙල “ත්‍රිෂා” නිසා උණුසුම් වෙයි! කාගෙත් ඇස් ඇය ළඟ...

විජේගේ දිවුරුම් දීමේ උළෙල “ත්‍රිෂා” නිසා උණුසුම් වෙයි! කාගෙත් ඇස් ඇය ළඟ නතර වුණු ඒ විශේෂ මොහොත මෙන්න…

0
138

තමිල්නාඩුවේ දේශපාලන ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, සුපිරි නළු විජේ (Thalapathy Vijay) නව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස නිල වශයෙන් දිවුරුම් දුන් මොහොත මේ වන විට මුළු ඉන්දියාවේම අවධානය දිනාගෙන අවසන්.

නමුත් මේ ඓතිහාසික උත්සවයේදී විජේටත් වඩා වැඩි අවධානයක් දිනාගත් තවත් සුවිශේෂී රුවක් එහි දක්නට ලැබුණා. ඒ වෙන කවුරුත් නෙවෙයි, දකුණු ඉන්දීය සිනමාවේ මෙන්ම විජේගේ ද සමීපතම මිතුරියක වන ජනප්‍රිය නිළි ත්‍රිෂා ක්‍රිෂ්ණන්

දිවුරුම් දීමේ උළෙලට සහභාගී වූ ත්‍රිෂා, ඉතාමත් සරල මෙන්ම ආකර්ෂණීය විලාසිතාවකින් සැරසී සිටි අතර ඇය එහි පැමිණි මොහොතේ සිට බොහෝ දෙනෙකුගේ නෙත් ඇය වෙත යොමු වී තිබුණා. විජේ සහ ත්‍රිෂා අතර ඇති සමීප සම්බන්ධතාවය ගැන කාලයක් තිස්සේ විවිධ කටකතා පැතිරුණත්, ත්‍රිෂා මේ විශේෂ අවස්ථාවට සහභාගී වීම හරහා ඔවුන්ගේ ඇති ලෙන්ගතුකම නැවතත් තහවුරු වුණා.

මෙම සුවිශේෂී උත්සවයෙන් පසුව ඇය සිය නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා අපූරු ඡායාරූප කිහිපයක් ද බෙදාගෙන තිබුණා. එම ඡායාරූප සමඟ ඇය තැබූ කෙටි නමුත් ගැඹුරු සටහන දැන් සමාජ මාධ්‍ය පුරා ලැව්ගින්නක් සේ පැතිර යනවා. ඇය එහි සටහන් කර තිබුණේ,

“The love is always louder” (ආදරය සැමවිටම ශක්තිමත්) යනුවෙනුයි.

ඇයගේ මේ සටහන විජේගේ දේශපාලන ජයග්‍රහණය වෙනුවෙන් දැක්වූ සුබ පැතුමක් ද, නැතිනම් ඔවුන්ගේ මිත්‍රත්වය ගැන තැබූ සටහනක් ද යන්න පිළිබඳව රසිකයින් අතර දැන් ලොකු කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

ත්‍රිෂා සිය සමාජ මාධ්‍ය ගිණුමට එක් කළ ඒ ආකර්ෂණීය ඡායාරූප පෙළ පහතින් නරඹන්න

Previous articleපාසල් දරුවන් වෙත ආපු අභිරහස් උණ පිටුපස ඇති ඇත්තම කතාව හෙලිවෙයි
Next article“සොඳුරේ අත්වැල් බැඳන්.. දුර ඈතට ඉගිල යන්.. ආදරයේ සීමා සොයා..” ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් පටන් ගත්ත ඒ දෙන්නා..
error: Content is protected !!
Verified by MonsterInsights