Home දේශිය පුවත් පාසල් දරුවන් වෙත ආපු අභිරහස් උණ පිටුපස ඇති ඇත්තම කතාව හෙලිවෙයි

පාසල් දරුවන් වෙත ආපු අභිරහස් උණ පිටුපස ඇති ඇත්තම කතාව හෙලිවෙයි

0
325

දෙනියාය පැත්තේ පසුගිය දින කිහිපයේ ලොකු කලබලයක් ඇතිවුණා ඔබ දන්නවා ඇති.

පාසල් හතරක දරුවන් විශාල පිරිසකට එකවරම වැළඳුණු අමුතු උණ රෝගය නිසා දෙමව්පියන් වගේම බලධාරීනුත් හිටියේ සෑහෙන බයකින්. “මේ මොකක්ද මේ වෙන්නේ?” කියලා හැමෝම ප්‍රශ්න කරද්දී, අවසානයේ ඒ රහස හෙළි වෙලා තියෙනවා!

හැමෝම හිතුවේ මේක හුළඟින් එන වෛරසයක් කියලා. හැබැයි කොළඹින් ගිය විශේෂඥ වෛද්‍ය කණ්ඩායම කරපු පරීක්ෂණවලින් හෙළි වුණේ ඇඟ කිලිපොලා යන කතාවක්. මේ උණ රෝගයට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ අපවිත්‍ර වුණු ජල මූලාශ්‍ර! අපි නොහිතන විදිහට පාසල් දරුවන් පරිහරණය කරන වතුර අපවිත්‍ර වීම නිසයි මේ උණ රෝගය ලැව්ගින්නක් වගේ පැතිරිලා ගිහින් තියෙන්නේ.

තත්ත්වය බරපතළ නිසාම දකුණු පළාත් අධ්‍යාපන බලධාරීන් වහාම ක්‍රියාත්මක වෙලා අදාළ පාසල් හතර දින කිහිපයකට වසා දැමුවා. දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්. ජී.එස්. පණ්ඩිතරත්න මහතා තහවුරු කළේ මේ වන විට රෝගය පැතිරීම පාලනය කර ඇති බවයි.

“බය වෙන්න එපා… වැඩේ දැන් පාලනය කරලයි තියෙන්නේ!”සති අන්තය පුරාම මේ පාසල් පද්ධති පිරිසිදු කිරීමේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක වුණා. ඒ වගේම ආරක්ෂිත පියවරක් විදිහට අද සහ හෙටත් මේ පාසල් හතර වසා තබන්න තීරණය කරලා තියෙනවා.

මේ සිද්ධියෙන් අපිට දෙන ලොකුම පාඩම තමයි දරුවන් බොන වතුර ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන කියන එක. වතුර උණු කරලා බොන්න දෙන එක වගේම, පාසල්වල ජල ටැංකි සහ මූලාශ්‍ර පිරිසිදුව තබා ගැනීම කොයිතරම් වැදගත්ද කියලා දැන්වත් තේරුම් ගන්න කාලය හරි!

Previous articleවැඩේ දරුණුයි වගේ! බෙංගාල බොක්කේ අලුත්ම තත්ත්වය ගැන මෙන්න අනතුරු ඇඟවීමක්!
Next articleවිජේගේ දිවුරුම් දීමේ උළෙල “ත්‍රිෂා” නිසා උණුසුම් වෙයි! කාගෙත් ඇස් ඇය ළඟ නතර වුණු ඒ විශේෂ මොහොත මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights