“අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා “යැයි පවසමින් හැඩූ කදුලින් යුතුව බඩගින්නේ ජීවත්වන එකම පවුලේ අන්ධ සොයුරියන් දෙදෙනකු පිළිබඳ හද කම්පාකරවන මේ පුවත වාර්තාවන්නේ හාලිඇල, ලන්දේවෙල පතනකඩේ ගම්මානයෙනි.
උපතින්ම අන්ධ භාවය ලැබූ සොයුරියන් තිදෙනෙක් මෙලොවට බිහිකර ඇත්තේ රත්නායක මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකා නමැති මව විසිනි.
දියණිවරු කුඩා කාලයේම සැමියා හිටි හැටියේ මියයාම නිසා අන්ධ දූවරු තිදෙනා ජිවත් කිරිමේ අභියෝගය මුහුණ දීමට මේ මවට සිදුව තිබේ .දික්වැල්ල තේ වත්තේ දළු කැඩීමට හා ගල් කැඩිමට ගිය මේ දිරිය මව ලබාගත් මුදලින් දියණියන් ලොකුමහත් කරතිබේ
මෙසේ සිටියදි ලොකු දියණියද රෝගාතුරව මිය ගියාය.
අනෙක් දියණියන් දෙදෙනා ආදරයෙන් රැකබලා ගෙන සිටියදී බණ්ඩාර මැණිකා මාතාවද පසුගියදා රෝගතුරවූයේ අධික වෙහෙස නිසාය.
රෝගී තත්වය නිසා ඇයද මිය ගියාය. මිය යන විට වයස අවුරුදු 81 කි.
ඉන් පසු දියණියන් දෙදෙනා අන්ත අසරණ තත්වයට පත්ව තිබේ.
65 සහ 41 යන වයස් කාණ්ඩ වල පසුවන මේ දියණියන් පවසන්නේ ඇතැම් දිනයන්හී අසල්වැසියන් ආහාර ලබාදෙන නමුත් බොහෝ දිනයන්හී බඩගින්නේ සිටීමට සිදුව ඇති බවයි.
බේබි හාමිනේ නැමති දියණිය මෙසේ කීවාය.
අම්මා ජීවතුන අතර සිටියදී කවදාවත් අපි බඩ ගින්නේ තිබ්බේ නැහැ. තේ දළු කඩලා ගල් කඩලා අපි බලා ගත්තා.
අම්මා මිය ගිහින් අවුරුද්දක් ලංවෙනවා අම්මා නැතිවුන දවසේ ඉදලා අපි ගැන බලන්න කවුරුවත් නැහැ.
කාට කියන්නද තේරෙන්නේ නැහැ. ඒ අතරේ අම්මට තිබුන අස්වැසුමත් නතර වුනා අළුතින් බැංකු පොතක් අරින්න කියලා ග්‍රාම සේවක මහත්තය කිව්වා . බැංකු පොතකුත් ඇරියා එත් මේදක්වා අස්වැසුම ආධාර ලැබුණේ නැහැ.ඉස්සර නම් මාද්‍යවලින් අපේ දුක කිව්වා ලංකාවේ හැම තැනින්ම වගේ ඇවිත් උදව් කළා දැන් නම් කවුරුවත් එන්නේ නැහැ.
අපි වැඩිහිටි නිවාසකයට යන්න කැමතියි. ඒත් ඒකට වත් කවුරුවත් උදව් කරන්නේ නැහැ. නැහැයිද ඔවුන් දෙදෙනා පැවසූහ.
ගිනුම් අංකය
ආර්.එම්.බේබිහාමිනේ .මහජන බැංකුව හාලිඇල
ඉතිරි කිරිමේ ගිණුම 225-2-001-2-0069967
උපුටා ගැනීම පුවත්පතකින්….










