අලුත්වල රත්මැහැර වත්ත ප්‍රදේශයේදි මාර්ගයක රන් අත්පලදනාවක් වැටී තිබෙනවා.
පෙරේදා එනම් මැයි මස 19 වැනිදා සිදුවූ සිදුවීමකි මෙය.
එම ස්ථානය අසළින් යතුරු පැදියක් ධාවනය කරන ලද මනුසත්කමින් පිරුණු මහත්මයෙකු එම අත්පලදනාව දැක තිබෙනවා.
වහාම එම මහත්මයා රන් අත්පලදනාව සිය අතට ගෙන එම ස්ථානයේ වටපිටාව පරීක්ෂා කර තිබෙනවා අයිතිකරුවෙකු සිටීද යන්න පිළිබදව.
කෙසේ වෙතත් කිසිවකුත් නොසිටීම නිසා ඔහු තීීරණය කරනවා වටිනා කියන එම රන් අත්පලදනාව සොයා අනිවාර්යයෙන්ම කවුරුන් හෝ එම ස්ථානයට එතැයි කියා.
ඊට හේතුව රන් පවුමක මිල අද වන විට රුපියල් ලක්ෂ 3කට අධිකවීම නිසාය.
ඔහුගේ සිතුවිල්ල පරිදිම එම රන් අත්පලදනාවේ අයිතිකාරිනිය පැය කිහිපයක් ගොස් එම ස්ථානයට පැමිණ තිබෙනවා.
ඔහුගේ මෙම අවංකත්වය සහ මෙවැනි සුන්දර හදවතක් ඇති මහත්මයාගේ ඡායාරූපයක් ගෙන ඔහුට ස්තූතිය පළකර තිබෙනවා.
මෙම මහත්මයා බූස්ස ප්‍රදේශයේ මහත්මයෙකි.
සමාජයට පණිවිඩයක් දීම උදෙසා ගොසිප් බ්‍රෝ අපද රත්තරන් හදවතක් ඇති එම මහත්මයාට අපගේ ආචාරය පුදකරනවා….










