Home දේශිය පුවත් කොමඩු කෑල්ලකට මුළු ලෝකෙම අමතක වන ‘දෙව්මිණී’ නම් පුංචි ඇතින්න සහ ඇයව...

කොමඩු කෑල්ලකට මුළු ලෝකෙම අමතක වන ‘දෙව්මිණී’ නම් පුංචි ඇතින්න සහ ඇයව දරුවෙක් වගේ බලාගන්න ආදරණීය චමින්ද මාමාගේ කතාව

0
6

මිනිස්සු සතුන් අතර තියෙන බැඳීම සමහර වෙලාවට ලේ නෑකම්වලටත් වඩා ගොඩක් ගැඹුරුයි. මේ දවස්වල සමාජ මාධ්‍ය පුරා ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන දෙව්මිණී කියන හුරතල් කුරු ඇතින්න සහ ඇයව බලාගන්න චමින්ද මාමා අතර තියෙන්නෙත් හරියට ඒ වගේ අපූරු බැඳීමක්.

දැන් වයස අවුරුදු විසි එකක තරුණ වියේ පසුවෙන දෙව්මිණී කියන්නේ අඩි හතක උසකින් යුත්, ලංකාවේ ඉන්න ඉතාම සුන්දර සහ ආකර්ෂණීය කුරු හීලෑ ඇතින්නක්. ඇයගේ මේ හුරතල් පෙනුම වගේම පුරුදු නිසාම ගොඩක් දෙනාගේ අවධානය දිනාගන්න ඇයට හැකි වෙලා තියෙනවා. හැබැයි මේ හැම දෙයක්ම පිටුපස ඇය වෙනුවෙන් කැපවුණු චමින්ද මාමාගේ දමනය කිරීමේ සහ රැකබලා ගැනීමේ අපූරු ළගාවීමක් තියෙනවා.

දෙව්මිණීගේ කෑම අච්චු ගැන කතා කරනකොට හරිම රසවත් තොරතුරු මතු වෙනවා. ඇය වැඩියෙන්ම ප්‍රිය කරන්නේ කොමඩු කන්නලු. කොමඩු ගෙඩියක් දුන්නොත් ඇයට වෙන කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම, ඇයගේ සෞඛ්‍යය ගැන හිතලා චමින්ද මාමා කෙසෙල් දීම සම්පූර්ණයෙන්ම නවතා දමා තිබෙන්නේ, කෙසෙල්වල ඇති කාබයිට් ගැටලු නිසා ඇයට අහිතකර බලපෑම් ඇති විය හැකි නිසායි.

තමන්ගේම දරුවෙක්ගේ කෑමබීම සහ ආරක්‍ෂාව ගැන සොයා බලනවාටත් වඩා වැඩි සැලකිල්ලකින් දෙව්මිණීව බලාගන්න චමින්ද මාමාගේ මේ කැපකිරීම ඇත්තටම අගය කළ යුත්තක්. දෙව්මිණීට එවැනි ආදරණීය රැකවරණයක් හිමිවීම ඇයගේ වාසනාවක් වන අතර, මිනිස් සෙනෙහස හමුවේ සතුන් දක්වන ප්‍රතිචාරය කොතරම් අපූරුද යන්න මෙයින් මනාව පැහැදිලි වෙනවා.

Previous article‘ගණන් බැහැ, මහත වැඩියි’ කියූ උජේසු බිඳ දමමින් වයස 17 දී අහස් යාත්‍රාවක් පදවා ලංකාවේ ලාබාලතම කාන්තා පයිලට් වූ සත්නාරාගේ කතාව..
Next articleනිල් නිල ඇඳුමේ බැඳුණු මවු සෙනෙහස සහ අම්මාගේ අඩිපාරේ යමින් රට රකින්නට එක් වූ මහනුවර පුත්‍රයාගේ කතාව..
error: Content is protected !!
Verified by MonsterInsights