තමන් ජීවිතයට වඩාත්ම ආදරය කරන කලා ක්ෂේත්රය වෙනුවෙන් දිවා රෑ නොබලා කළ කැපවීම්වලට ලැබෙන හොඳම ඇගයීම වන්නේ රටේ නායකයා අතින් ලැබෙන ගෞරවයයි. නර්තන ක්ෂේත්රයට අගනා මෙහෙවරක් ඉටු කරමින් සිටින දක්ෂ නර්තන ශිල්පිනී ධනා ජයරත්න (Dhana Jayarathne) මහත්මිය, 2026 ජනාධිපති සම්මාන (Presidential Awards 2026) උළෙලේදී අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා අතින් සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා. ඇය පවසන ආකාරයට, උපාධි ප්රදානෝත්සවයෙන් පසු ඇයගේ ජීවිතයේ ඇය වඩාත්ම ප්රිය කරන සහ ආදරය කරන ඡායාරූපය බවට පත්ව ඇත්තේ මෙම ඓතිහාසික අවස්ථාවයි.
සාම්ප්රදායික මෙන්ම නවීන නර්තන අංගයන්ගෙන් වේදිකාව වර්ණවත් කරන ඇය, මෙම ජයග්රහණයේ සතුට තනිව වින්ද කෙනෙක් නොවෙයි. තමා පසුපස නිහඬව සිටි මව්පියන්, ගුරුභවතුන්, තමන් යටතේ නර්තනය හදාරන දරුවන් සහ ඔවුන්ගේ මව්පියන් මෙන්ම ඇයව හැඩගැන්වූ මිතුරිය වන Madhu Pererava ද ඇය මෙහිදී කෘතඥපූර්වකව සිහිපත් කර තිබෙනවා. කැපවීමත් විනයත් එකතු වූ තැන ඕනෑම සිහිනයක් සැබෑ කරගත හැකි බවට ධනාගේ මෙම ගමන කදිම සාක්ෂියක්.









