Home දේශිය පුවත් නියඟයෙන් ඇළලී ගිය මොනරාගල අසරණ ගවයින්ට රත්නපුරෙන් ගලාගිය මනුෂ්‍යත්වයේ දිය දහරාව ගැන...

නියඟයෙන් ඇළලී ගිය මොනරාගල අසරණ ගවයින්ට රත්නපුරෙන් ගලාගිය මනුෂ්‍යත්වයේ දිය දහරාව ගැන ඇසෙන කතාව මෙන්න.

0
4

මේ දිනවල මොනරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි නියඟය නිසා කුඹුක්කන, සුදුවතුරආර ප්‍රදේශයේ ගව සම්පත මුහුණ දී සිටින්නේ අතිශය අමාරු තත්ත්වයකටයි. බීමට ජල බිඳක්වත්, කෑමට තණකොළ පොදක්වත් නොමැතිව මේ අසරණ සතුන් විඳින වේදනාව මාධ්‍ය හරහා දුටු රත්නපුර ගිලීමලේ ගුරුළුමාන ගම්වාසීන්ගේ හදවත් කම්පා වුණේ මොහොතින්.

කිසිදු පැකිලීමකින් තොරව එකතු වූ ඒ ආදරණීය මිනිසුන්, සරුසාර තණකොළ කපා ලොරි රථ තුනක් පුරවාගෙන අගෝස්තු 28 වැනිදා උදෑසන ම මොනරාගලට ළඟා වුණේ කිලෝමීටර් සිය ගණනක දුරක් ගෙවමින්. මොනරාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ජනක කුරුප්පු මහතාද එක් වූ මෙම අවස්ථාවේදී, දුෂ්කර මොහොතක අසරණ සතුන් වෙනුවෙන් දිස්ත්‍රික්ක හරහා පැමිණි මේ මහඟු සත්ක්‍රියාව ගම්වාසීන් විසින් ඉතා අගය කළා.

ස්වභාවධර්මයේ කටුකකම් හමුවේ මිනිස්කම තවමත් නොමැකී ඇති බව රත්නපුරේ මේ මිනිසුන් මුළු රටටම කියාදීලා තියෙනවා.

Previous articleඑකම කුසින් උපන් සහෝදර සහෝදරියන් තිදෙනෙක් දළදා පෙරහැරේ එකම තාලයට නටන අපූරු මොහොතක ලස්සන කතාවක්..
Next articleජනාධිපති අනුර කුමාර දිසානායක අතින් සම්මාන ලැබූ නර්තන ශිල්පිනී ධනා ජයරත්නගේ අභිමානවත් මොහොත!
error: Content is protected !!
Verified by MonsterInsights