Home දේශිය පුවත් බත්තරමුල්ලේ පාටියෙන් පසු පිළියන්දලට ගිය චූලාට වූ දේ මෙන්න අලුයම සිදු වූ...

බත්තරමුල්ලේ පාටියෙන් පසු පිළියන්දලට ගිය චූලාට වූ දේ මෙන්න අලුයම සිදු වූ අභිරහස ගැන පොලිස් විමර්ශන!

0
3333

 

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණගේ හදිසි නික්මයාම පිටුපස සැකය මතුවීමත් සමඟ ඒ පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ලැබී ඇති තොරතුරුවලට අනුව, ඇය විසින් බත්තරමුල්ලේ හෝටලයක සංවිධානය කරන ලද උත්සවයකින් පසුව, අද අලුයම කාලයේදී පිළියන්දල – වෑවල ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයෙකුට අයත් නිවසකට ගොස් තිබෙනවා. එලෙස පැමිණි ඇය නිවසේ ඇඳ මත මුනින් අතට නිදාගෙන සිට ඇති අතර, පසුව ඇයව අවදි කිරීමට උත්සාහ කළද කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ. එම අවස්ථාවේදී අදාළ ව්‍යාපාරිකයා විසින් 1990 සුවසැරිය ගිලන් රථ සේවය කැඳවීමට කටයුතු කර තිබෙනවා.

සුවසැරිය සෞඛ්‍ය සේවකයින් පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඇය ඒ වන විටත් මියගොස් ඇති බව තහවුරු කෙරුණු අතර, පසුව මේ පිළිබඳව පිළියන්දල පොලිසිය වෙත දැනුම් දී තිබෙනවා. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෙම සැකකටයුතු සිදුවීම සම්බන්ධයෙන් ඉදිරියේදී මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි. පිළියන්දල පොලිසිය මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා.

Previous articleලෝකෙම අමතක වුණත් තාත්තාට මාව විතරක් මතක තිබුණා”: නිසල වූ චූලා පද්මේන්ද්‍ර එදා කියූ හදවතට දැනෙන අතීත කතාව
Next articleමේ තමයි ජනාධිපතිතුමන්ගේ අත අල්ලගෙන කතා කරපු ඒ මහත්මයා, වයස අවුරුදු 83ක්, ඔබට දීර්ඝායුෂ ලැබේවා
error: Content is protected !!
Verified by MonsterInsights