Home සයුරෙන් එහා පුවත් ලොවක් හඬවමින් තවත් සුපිරි බොලිවුඩ් නළුවෙක් අප අතරින් සමුගෙන ගිහින්.. ...

ලොවක් හඬවමින් තවත් සුපිරි බොලිවුඩ් නළුවෙක් අප අතරින් සමුගෙන ගිහින්.. Ceylon / hithuwakkari

0
1160

ඔහුගේ මේ නික්ම යාම ගැන අද ඉන්දියාවේ බොහෝ දෙනා කම්පාවට පත් වෙනවා.. ඒ ඔහු කලාව වෙනුවෙන් කළ සේවාව නිසායි..

ඉන්දීය සුපිරි නළුවෙකු වන මනෝජ් කුමාර් ඊයේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.. මිය යන විට ඔහු 87 වැනි වියේ පසුවුණා..

ජනප්‍රිය නළුවෙකු සේම නිෂ්පාදකයෙකු වන ඔහු හින්දි සිනමාවේ ජනප්‍රිය නමක් දිනාගත් වන ඔහු ෂහීඩ් (1965), උප්කාර් (1967) සහ පුරබ් ඕර් පෂ්චිම් (1970) ඇතුළු චිත්‍රපට ගණනාවකට සිය දායකත්වය ලබාදී තිබෙනවා..

බොලිවුඩයට ඔහු කළ දායකත්වය වෙනුවෙන් 1992 දී පද්ම ශ්‍රී සම්මානය ඔහුට ලැබුණු අතර, පසුව 2015 දී කීර්තිමත් දාදාසාහෙබ් ෆාල්කේ සම්මානයෙන් පිදුම් ලැබ තිබුණා…

ඔහු දේශප්‍රේමී චිත්‍රපට සඳහා දැක්වූ දායකත්වය නිසා “භාරත් කුමාර්” යන නමින්ද මේ ප්‍රවීණ චරිතය හඳුවාදී තිබුණා..

Previous articleමගේ අත හැමදාමත් තදින් අල්ලං ඉන්නවා නේද ? ” මාධවීගේ ප්‍රේමණීය ආදරය ලග නතර වුනු කසුන් කියන කතාව
Next articleසුරංගනාවියක් වගේ ලස්සන රශිපබාගේ සමාජ මාධ්‍ය කළඹුපු අලුත් ලස්සන ෆොටෝ ශූට් ඔයාලා දැක්කද…
error: Content is protected !!
Verified by MonsterInsights