Home දේශිය පුවත් සිසුවියකගේ ජීවිතය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කළ කිරින්දේ සැබෑ ගුරු වීරයා: මොහමදු...

සිසුවියකගේ ජීවිතය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කළ කිරින්දේ සැබෑ ගුරු වීරයා: මොහමදු ගුරුතුමාගේ කඳුළැලි කතාව

0
10

ගුරු වෘත්තිය කියන්නේ හුදෙක් පන්ති කාමරයක පොත්පත් උගන්වන එකකට වඩා එහා ගිය, අතිශය උතුම් බැඳීමක්. බඩල්කුඹුර වයිකුඹුර ඥාන මුදල්වා විද්‍යාලයේ සිසුන් සහ ගුරු මණ්ඩලය එක්ව ගිය වාර්ෂික පාසල් චාරිකාව අමතක නොවන මතකයක් වීමට තිබුණත්, එය මුළු රටම කම්පනය කළ ඛේදවාචකයකින් කෙළවර වුණේ කිරින්ද මුහුදු තීරයේදී සිදු වූ අවාසනාවන්ත සිදුවීමක් නිසායි.

පසුගිය මැයි මස 26 වැනිදා පාසල් චාරිකාවට එක් වූ නගුර පිච්චෙයි මොහමදු ගුරුතුමා සිසුන් සමඟ කිරින්ද මුහුදු තීරයේ දිය නෑමට එකතු වී තිබෙනවා. එහිදී අනපේක්ෂිත ලෙස සැඩ දියවැලකට හසුවී ගැඹුරු මුහුදට ඇදී යමින් තිබූ අහිංසක සිසුවියකගේ ජීවිතය බේරා ගැනීමට ඔහු කිසිදු පැකිලීමකින් තොරව ඉදිරිපත් වුණා. තමන්ගේ ජීවිතය ගැන මොහොතකටවත් නොසිතා සැඩ රළ පරයා මුහුදට පැන ඇයව බේරා ගැනීමට දැඩි උත්සාහයක් ගත්තද, අවාසනාවන්ත ලෙස එම උත්සාහය අසාර්ථක වෙමින් සිසුවිය සමඟම මොහමදු ගුරුතුමාද ගැඹුරු මුහුදට ගසාගෙන ගොස් තිබෙනවා.

පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව දෙදෙනාම ගොඩට ගෙන තිස්සමහාරාමය මූලික රෝහලට ඇතුළත් කළත්, ඒ වන විටත් ඒ ආදරණීය ගුරු පියාණන් සියල්ලන්ගෙන් සදාකාලිකවම සමුගෙන අවසන්.

තම පවුලේ අයට ආදරණීය සැමියෙකු හා පුතෙකු අහිමි වී ගියද, අනුන්ගේ දරුවෙකු වෙනුවෙන් තම ජීවිතය පූජා කළ මොහමදු ගුරුතුමාගේ මෙම පරිත්‍යාගය රටම  සිහිපත් කරනු ඇත.

Previous articleඅනුන්ගේ ජීවිත අඳුරු කළ සිසුන්ගේ අනාගතයට මොකද වුණේ.. සබරගමුවේ සිසුන් 11 දෙනෙකුට විශ්වවිද්‍යාලයෙන් ස්ථිර නෙරපීමක්!
error: Content is protected !!
Verified by MonsterInsights