වාහන 10ක් එකිනෙක ගැටී ,
අකුරණ සිදුවූ මාරක රිය අනතුරෙන් ,
හතර දෙනෙකු ජීවිතක්ෂයට,
අකුරණ, 7කණුව – කුරුගොඩ හන්දිය ප්රදේශයේදී වාහන 10කට ආසන්න ප්රමාණයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් මේ වන විට හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවට වාර්තා වනවා.
අද (19) උදෑසන සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ තවත් අය ප්රතිකාර සඳහා රෝහලට ඇතුලත් කර තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිසිය විසින් විමර්ශන සිදුකරනු ලබයි.













