Home Uncategorized තම්බනකොට බිත්තරේ පැලුණොත් විසිකරන්නම ඕනෙද? ගෘහණියන් අනිවාර්යයෙන්ම දැනගත යුතු බිත්තර රහස මෙන්න!

තම්බනකොට බිත්තරේ පැලුණොත් විසිකරන්නම ඕනෙද? ගෘහණියන් අනිවාර්යයෙන්ම දැනගත යුතු බිත්තර රහස මෙන්න!

0
29

තම්බනකොට බිත්තරේ පැලුණොත් විසිකරන්නම ඕනෙද? ගෘහණියන් අනිවාර්යයෙන්ම දැනගත යුතු බිත්තර රහස මෙන්න!

කඩේට ගිහින් බිත්තර වගයක් අරගෙන ගෙදර එනකොට, එහෙමත් නැත්නම් කඩෙන් ගන්නකොටම බිත්තරයක කටුවක් කැඩිලා තිබුණොත් ඔයා මොකද කරන්නේ? අපරාදෙනේ කියලා ඒක ඔම්ලට් එකක් කරලා කනවාද? එහෙමත් නැත්නම් බයේ විසිකරලා දානවාද? ඔන්න ඔය ප්‍රශ්නේ ගොඩක් ගෘහණියන්ට තියෙනවනේ. මේ ගැන ආහාර සුරක්ෂිතතා විශේෂඥයෝ අලුත්ම කතාවක් එළියට දාලා තියෙනවා.

කටුව කැඩුණු පමණින් බිත්තරේ විසිකරන්න ඕනෙම නැහැලු. හැබැයි ඒක ආරක්ෂිතද නැද්ද කියන එක තීරණය වෙන්නේ බිත්තරේ කැඩුණු විදිහ සහ වෙලාව අනුවයි!

ඔයා කඩෙන් බිත්තරේ ගන්නකොටත් ඒකේ කටුව කැඩිලනම්, දෙපාරක් හිතන්න එපා, ඒක නම් කෑමට ගන්න හොඳම නැහැලු. ආහාර සුරක්ෂිතතා විශේෂඥවරියක් වෙන වැනේසා කොෆ්මන් කියන විදිහට, කටුව කැඩුණම ඒක අස්සෙන් ‘සැල්මොනෙල්ලා’ (Salmonella) කියන භයානක බැක්ටීරියාව ඇතුළට රිංගන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි. මේකෙන් ලොකු ලෙඩක් හැදෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගෙදර ඉන්න පොඩි දරුවන්ට, වයසක අයට වගේම ගැබිනි මව්වරුන්ට මේකෙන් බරපතළ ප්‍රශ්න එන්න පුළුවන්.

කඩෙන් හොඳට අරන් ආපු බිත්තරේ බෑග් එකේ වැදිලා හරි, අතින් ලිස්සලා හරි කැඩුණොත් තත්ත්වේ පොඩ්ඩක් වෙනස්. ඇතුළේ තියෙන මදය එළියට බේරෙනවා නම් ඉතින් ඒක විසිකරන එක තමයි ඇඟට ගුණ. හැබැයි කටුව විතරක් පුපුරලා, ඇතුළේ තියෙන තුනී පටලයට මුකුත් වෙලා නැත්නම් බයවෙන්න එපා. ඒක පිරිසිදු භාජනයකට දාලා ඉක්මනින් ෆ්‍රිජ් එකට දාන්න. හැබැයි දවස් දෙකක් ඇතුළත හොඳට උයලා කන්න ඕනේ.

බොහොමයක් අම්මලා කරන දෙයක් තමයි බිත්තරේ තම්බනකොට පැලුණොත් විසිකරන එක. හැබැයි විශේෂඥයෝ කියන්නේ එහෙම කරන්න ඕනේ නැහැ කියලයි! බිත්තරේ හොඳට තම්බනවා නම් (සෙල්සියස් අංශක 71කට විතර රත් වෙනවා නම්) ඒක කෑමට සුදුසුයි. හැබැයි මතක තියාගන්න, භාගෙට තම්බලා (Half-boiled) කන්න නම් යන්න එපා, මොකද එතකොට බැක්ටීරියා මැරෙන්න තරම් රස්නයක් ලැබෙන්නේ නැති නිසා.

බිත්තරේ නරක් වෙලාද කියලා අඳුරගන්නේ කොහොමද?

ගඳ බලන්න: මේක තමයි ලේසිම වැඩේ. බිත්තරේ කැඩුවම නරක ගඳක් එනවා නම් ආයේ හිතන්න දෙයක් නෑ, කෙළින්ම කුණු කූඩෙට තමයි.

පාට බලන්න: කහ මදයයි සුදු මදයයි අමුතු පාටක් වෙලා නම් ඒක නරක් වෙන්න ළඟයි. හැබැයි කහ මදය පැතලි වෙලා, සුදු මදය දියාරු වෙලා තිබ්බ පමණින් ඒක නරක් වෙලාම නෙවෙයි, බිත්තරේ පරණ වුණාමත් එහෙම වෙනවා.

වතුරේ පාවෙන පරීක්ෂණය: වතුරෙ දැම්මම බිත්තරේ උඩට එනවා නම් නරක් වෙලා කියලනේ අපේ අය හිතන්නේ. ඒ වුණාට ඒකෙන් හරියටම කියවෙන්නේ බිත්තරේ පරණයි කියන එක විතරලු. ඒක කෑමට සුදුසුද නැද්ද කියලා තීරණය කරන්න ඒකම 100%ක් විශ්වාස කරන්න බැහැලු.

ඉතින් ඔන්න ඔය ටික මතක තියාගත්තා නම්, ඊළඟ දවසේ බිත්තරයක් කැඩුණම අපරාදේ කියලා ළතවෙවී ඉන්න ඕනේ නැහැ!

ලංකාදීප පුවත්පත ඇසුරෙන්

 

Previous article“සමහර ප්‍රාර්ථනා හිතේ නිහඬවම ඉපදිලා දවසක ලස්සනට සැබෑ වෙනවා…” දස්පෙතියා මල් 100ක් පූජා කල නිෂිනිගේ සංවේදී සටහන මෙන්න!
Next articleහවස 6න් පස්සේ ගේ අතුගාලා කුණු එළියට දාන්න එපා කියලා බැනුම් ඇහුවට ඇත්තටම වෙන්නේ මොකද්ද කියල දන්නවද? අපේ අත්තම්මලා කියපු ඒ රහසේ සැඟවුණු ඇත්ත කතාව මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights