Home සයුරෙන් එහා පුවත් ලංකාවේ කෙල්ලෝ වශී කරපු කොරියානු සිහින කුමාරයා.. Lee Min-ho ගැන ඔබ නොදත්...

ලංකාවේ කෙල්ලෝ වශී කරපු කොරියානු සිහින කුමාරයා.. Lee Min-ho ගැන ඔබ නොදත් කතාව එළියට.ඒ ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න.

0
10

ලංකාවේ තරුණියන්ගේත් හදවත් සොරාගත් කොරියානු සිහින කුමාරයා..රූපයෙන් වගේම රංගනයෙනුත් ලෝකයම පිස්සු වට්ටපු Lee Min-ho ගැන ඔබ නොදත් කතාව මෙන්න..

ලංකාවේ වගේම මුළු ලෝකයේම K-Drama රසික රසිකාවියන්ගේ අසීමිත ආදරය දිනාගත් සුපිරි නළුවෙකු තමයි ලී මින්-හෝ (Lee Min-ho) කියන්නේ.

1987 ජුනි 22 වැනිදා දකුණු කොරියාවේ සෝල් නුවර උපත ලැබූ ඔහු, Boys Over Flowers ,City Hunter, The Heirs, The Legend of the Blue Sea සහ The King: Eternal Monarch වැනි අතිශය ජනප්‍රිය නිර්මාණ හරහා ‘හල්යු තරුවක්’ (Top Hallyu Star) ලෙස ලෝකයම ජය ගත්තා.

කුඩා කාලයේදී වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකු වීමට සිහින මැවූ ඔහුට පස්වන ශ්‍රේණියේදී සිදුවූ ආබාධයක් නිසා ඒ සිහිනය අතහැරීමට සිදුවූ අතර, පාසල් කාලයේදී කෙට්ටු සිරුර නිසා “Skeleton” ලෙසත් දඟකාරකම නිසා “Demon” ලෙසත් මිතුරන්ගෙන් අන්වර්ථ නාම පවා පටබැඳී තිබුණා.

කලාවට පිවිසි මුල් කාලයේදී තමන්ගේ සැබෑ නම සාමාන්‍ය වැඩියි කියා සිතූ ආයතනයේ උපදෙස් මත ඔහු ‘Lee Min’ ලෙස නම වෙනස් කරගත්තත්, කොරියානු භාෂාවෙන් එහි තේරුම Immigration යන්නට සමාන වීම නිසා අන්තර්ජාලයේ තමන්ගේ නම සෙවීමට පවා අපහසු වූ බැවින් ඔහු යළිත් සැබෑ නමටම මාරු වුණා.

කෙසේ වෙතත් ලී මින්-හෝගේ ජීවිතයේ කවුරුත් නොදන්නා අඳුරුතම සහ සංවේදීම මතකය වන්නේ 2006 වසරේදී ඔහු මුහුණ දුන් මාරක රිය අනතුරයි.

තවත් ජනප්‍රිය නළුවෙකු වන Jung Il-woo සහ තවත් මිතුරන් දෙදෙනෙකු සමඟ ගමන් කරමින් සිටියදී සිදුවූ එම බිහිසුණු අනතුරින් ඉදිරි අසුනේ සිටි මිතුරන් දෙදෙනා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර, පසුපස අසුනේ සිටි Lee Min-ho බරපතළ තුවාල ලබා මාසයක කාලයක් කෝමා තත්ත්වයෙන් රෝහල්ගතව සිටියා.

ඉළ ඇට, කලවා සහ වළලුකර බිඳී යාම නිසා මාස ගණනාවක් ඇඳටම සීමා වූ ඔහුගේ කලවා අස්ථියට සෙන්ටිමීටර් 46ක යකඩ කූරක් ඇතුළත් කිරීමට සිදුවූ අතර, ඒ හේතුවෙන් ඔහුගේ එක් පාදයක් අනෙක් පාදයට වඩා තරමක් කෙටි වීමට පවා බලපෑවා.

ඒ සියලු වේදනාවන් සහ අභියෝග ජයගෙන යළි නැගී සිටි Lee Min-ho, මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල මිලියන 65කට අධික රසික පිරිසක් සිටින King of Social Media ලෙස විරුදාවලිය ලබා සිටිනවා.

එමෙන්ම ෂැංහයි සහ හොංකොං හි මැඩම් ටුසාඩ්ස් (Madame Tussauds) කෞතුකාගාරවල ඉටි පිළිරූ නිර්මාණය වූ පළමු කොරියානු කලාකරුවා වන්නේ ද ඔහුයි.

Pachinko නාට්‍යය හරහා හොලිවුඩයට ද පිවිසි ඔහු, ‘PROMIZ’ නමින් පුණ්‍යාධාර පදනමක් පිහිටුවා ලොව පුරා අසරණ ජනතාවට සහ භූමිකම්පා වැනි විපත්වලට පත්වූවන්ට කෝටි ගණනින් ආධාර කරන සංවේදී හදවතක් ඇති අපූරු කලාකරුවෙකු ලෙස ද අදටත් ලෝකයේම ගෞරවයට පාත්‍ර වී සිටිනවා.

Previous articleජාතික හැඳුනුම්පත නැති වුණාද? එක දවසින් ගන්න ක්‍රමයකුත් තියෙනවා! 🪪ජාතික හැඳුනුම්පතක් තියෙන හැමෝම දැනගන්න ඕන වැදගත් කරුණු!
error: Content is protected !!
Verified by MonsterInsights