Home සයුරෙන් එහා පුවත් ආණ්ඩුවෙන් දීපු වාහනයෙන් යාළුවොත් එක්ක ගමනක් ගිහින් – කරපු වැරැද්ද ප්‍රවාහන...

ආණ්ඩුවෙන් දීපු වාහනයෙන් යාළුවොත් එක්ක ගමනක් ගිහින් – කරපු වැරැද්ද ප්‍රවාහන අමාත්‍යවරිය පිළිගනී! වහාම ඉල්ලා අස්වෙයි..!

0
155

අමාත්‍ය ධූරය සදහා ලබා දෙනු ලබන නිල මෝටර් රථය පෞද්ගලික අවශ්‍යතා සදහා භාවිතා කළ බවට චෝදනා එල්ල වූ ඕස්ට්රේලියානු නව රජයේ නිව් වේල්ස් හී ප්‍රවාහන අමාත්‍යවරිය, ජනතාව ඉදිරියේ වරද පිළිගනිමින් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කර තිබේ.

මෙසේ ඉල්ලා අස්වීම භාර දී ඇති අමාත්‍යවරිය වන්නේ ජෝ හේලන් ය.

පසුගිය සති අන්තයේ දී ඇය මිතුරන් කිහිප දෙනෙකු සමඟ කිලෝ මීටර් 446 ක සංචාරයක නිරතව ඇති අතර, එම ගමනේ දී ඇය භාවිතා කර තිබෙන්නේ රජය ඇයට ලබා දී තිබෙන නිල මෝටර් රථයයි. එමෙන්ම ඇගේ රියැදුරු ලෙස කටයුතු- කර තිබෙන්නේ ද රජය ඇයට ලබා දී තිබෙන නිල රියැදුරු ය.

ඊට අමතරව, මෙම අමාත්‍යවරිය, රජය ලබා දී තිබෙන නිල රථය සහ නිල රියැදුරු ඇගේ තවත් පෞද්ගලික සංචාරයක් සදහා යොදාගෙන ඇති බවට ද චෝදනා එල්ල වී තිබේ.

එවර ඇය ගොස් තිබුනේ දරුවන් සහ ස්වාමිපුරුෂයා සමග ක්‍රීඩා ඉසව්වක් නැරඹීමටයි.

ඒ අනුව, සිය පෞද්ගලික අවශ්‍යතා සපුරා ගැනීම සදහා බදු ගෙවන්නන්ගේ මුදල් අවභාවිතා කිරීම ඇයට එල්ල වී තිබෙන චෝදනාවයි.

එම චෝදනාවට වරද පිළිගනිමින් අමාත්‍යවරිය සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේ ය.

තමන් වැරැද්දක් කළ බව පිළිගෙන ඇති අමාත්‍යවරිය, ජනතාව නව රජය බලයට පත් කරන ලද්දේ පසුගිය රජයට වඩා හොද පාලනයක් බලාපොරොත්තුවෙන් බවද පිළිගත්තා ය.

Previous articleසිරිමා බෝ සාමිනි මම පුංචි පුතෙක් පැතුවා..! මේ ඒ දෙන්නා තුන්දෙනාගේ විශෙෂ දවසක් ගැන කියන අපූරු කතාව…
Next articleහට්ටි හූරගෙන කන්න තරම් රසට කෑම හදන ආත්මි අක්කා කියන මේ කතාව ඇහුවොත් ඔයාටත් පුදුම හිතෙයි..!
error: Content is protected !!
Verified by MonsterInsights