Home සයුරෙන් එහා පුවත් ලංකාවේ සුන්දරත්වය විඳින්නට ආ ඇල්ජීරියානු රූමත් කතට අත් වූ අකටයුතු දේ මෙන්න.

ලංකාවේ සුන්දරත්වය විඳින්නට ආ ඇල්ජීරියානු රූමත් කතට අත් වූ අකටයුතු දේ මෙන්න.

0
39

සංචාරකයන්ගේ ආකර්ෂණයට පත් ඇල්ල සුන්දරත්වය නැරඹීමට පැමිණි ඇල්ජීරියා ජාතික විසිපස් හැවිරිදි තරුණියකට බීම වර්ගයක් පානය කිරීමට දී සිහිමුර්ජා කොට ඇය සතු ජංගම දුරකථන 2ක් ඇතුළු තවත් වටිනා දේපළ කොල්ලකා පසුව එම තරුණිය ප්‍රපාතයකට තල්ලු කර පලා ගිය සංචාරක මඟපෙන්වන්නකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිහිසුන්ව වැටී සිටි විදේශීය තරුණිය රෝහලට ඇතුළත් කර ඇති බවයි ඇල්ල පොලිසිය පැවසුවේ.

සිහි ලැබීමෙන් පසු ඇය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර සැකකාර සංචාරක මඟපෙන්වන්නා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු සංචාරක මඟපෙන්වන්නකු මෙන්ම රියදුරකු ලෙස ද කටයුතු කර ඇතැයි පොලිසිය පවසනවා.

මෙවන් සංචාරක මඟපෙන්වන්නන් විදේශීය සංචාරකයන්ට කරන අකටයුතුකම් රටේ කීර්තියට කරන ලද කැළැලක් බවත් පොලිසිය සදහන් කරනවා.

අත්අඩංගුවට ගත් 70 හැවිරිදි සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු විදෙස් තරුණියගෙන් කොල්ලකෑ ජංගම දුරකථන සොයාගෙන ඇති අතර ඇල්ල පොලිසියෙන් වැඩිදුර පරික්ෂණ පැවැත්වේ’

Previous articleලොව ජනප්‍රිය සමාගමක සේවකයින් විශාල පිරිසක් හදිසියේම දොට්ට දැම්මේ ඇයි..? හේතුව මෙන්න.
Next articleරෑ නින්දට යන්නට පෙර මේ දේවල් කරන එක දැන්වත් නවත්තන්න. හේතුව මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights