Home සයුරෙන් එහා පුවත් සමාජ මාධ්‍යයේ කවුරුත් ආදරේ කරනසෙල්වා පවුලේ අලුත්ම විස්තරේ මෙන්න.

සමාජ මාධ්‍යයේ කවුරුත් ආදරේ කරනසෙල්වා පවුලේ අලුත්ම විස්තරේ මෙන්න.

0
102

සෙල්වා පවුලේ හත්වැනියා, Noah බබාට මාසයයි ❤ |
කවුරුත් ආදරේ කරන ලංකාවේ තාත්තයි කැලිෆෝනියාවේ අම්මයි ❤
‘සෙල්වා ෆැමිලි’ (The Selva Family) කියූ සැනින් කවුරුත් හඳුනන, ජෙට් – අරියානා දෙන්නගෙ විස්මිත කැදැල්ලට, අලුත් අමුත්තෙක් එක්කාසු වෙලා මාසයක්.

බෝනික්කියක් වගේ ලස්සන අම්මෙකුයි, ආදරණීය තාත්තෙකුයි දූලා පස්දෙනෙකුයි හුරතල් පුතෙකුයි ඉන්න මේ සුන්දර පවුලට ආව අලුත් අමුත්තා, ඒ කියන්නෙ හත්වැනියා පුතෙක්…
දූලා පස්දෙනෙක්ටම උන්නෙ එක පුතෙක් නිසාම, මෙදා සැරේ ආව පුංචි අමුත්තා තවත් විශේෂ තෑග්ගක් කිව්වොත් හරි.

මේ පවුලේ පළවැනියා තමයි ‘සාරා’
එතකොට පවුලේ හත්වැනියා ‘Noah’
(සාරා, ඉන්ද්‍රානි, රිග්ඩන්, සෙලෙස්ටේ, සවානා, කෙනඩි, Noah)
ජෙට් – අරියානා සිය දරුවන් එක්ක ජීවත් වෙන්නෙ, ටෙක්සාස්වල.
මේ අපූරු ‘සෙල්වා ෆැමිලි’ එකට ලංකාව එක්කත් නෑදෑකමක් තියෙනවා.

මොකද මේ පවුලෙ ලොක්කා, එහෙමත් නැත්නම් තාත්තා (ජෙට්) ලාංකීය සම්භවයක් තියෙන අයෙක්.
ඒ නිසාම ඔවුන් ලාංකික පිරිස අතර ප්‍රසිද්ධ ‘ලංකාවේ තාත්තයි කැලිෆෝනියාවේ අම්මයි’ හැටියට.
එහෙම කතාබහට ලක්වෙන්නෙත් ඔවුන් සමාජ මාධ්‍යය තුළ අතිශය ජනප්‍රිය පවුලක් වීම නිසාවෙන්.
ජෙට්, උපත ලබලා තියෙන්නෙ කොළඹ. වයස අවුරුදු 17 දී ඔහු එක්සත් ජනපදයට ගොස් ඇත්තෙ, යූටාවල (Utah) සෝල්ට් ලේක් සිටි හි LDS ව්‍යාපාරික විද්‍යාලයට ඇතුළත් වෙන්න.

සිය සමාජ මාධ්‍ය වේදිකාවන් ඔස්සේ මේ සෙල්වා පවුල හිසකෙස් සහ සම රැකගැනීම උදෙසා කරන ඔවුන්ගේම රූපලාවණ්‍ය නිෂ්පාදන ප්‍රවර්ධනය කරනවා සේ ම ඔවුන්ගේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව, සුවිශේෂී සැමරුම්, ආහාර රටාව වැනි බොහෝමයක් ආකර්ෂණීය තොරතුරු බෙදාහදා ගන්නවා.
අරියානා කියන හැටියට ඔවුන් සිය ව්‍යාපාරය පටන් අරන් තියෙන්නෙ, පළමු දියණියගේ උපතෙන් පස්සෙ. ඒ ඇය ඉන්පසු මුහුණ දුන්නු හිසකෙස් ආශ්‍රිත ගැටළු නිසාවෙන්.

කාලයක් ඔවුන් යූටාවල ඔරෙම් හි පිහිටි නිවසට සමුදීලා ව්‍යාපාරයක් අරඹන්න වසර දෙකකට ලංකාවටත් ඇවිත්.
අරියානා කියන්නෙ හැමෝම ලස්සනයි කියන සිය හිසකෙස් සහ සම රැකගැනීමේ ක්‍රම, ඒ ගමනේදී සැමියා වන ජෙට්ගේ මව කියා දුන්නු ලංකාවේ අපේ සත්කාරයන් වන බව.
ඉතින් මේ අපූරු පවුලට, ලංකාවේත් සෑහෙන රසික පිරිසක් ඉන්න බවත් කියන්නම ඕනි….

Previous articleඅදින් අවසන් වන්නේ මාලිනීගේ යුගය විතරක් නෙමෙයි. 2000ට කලින් උපන් අපේ අම්මලාගෙත් යුගය.
Next articleඅද හොඳම නළුවාට පවා සම්මාන ලැබූ ඔහුට එදා ආදරණීය මාලිනිය හයියක් වුනේ එහෙමයි. රටක් ආදරේ කරන ප්‍රියන්ත සිරිකුමාර ලියූ සංවේදී සටහන මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights