මේ දවස්වල ලෝකයේම ක්‍රෂ් එක, මේ ඔහු ගැන ඔබ සෙවූ කතාව

මේ දවස්වල ලෝකයේම ක්‍රෂ් එක, මේ ඔහු ගැන ඔබ සෙවූ කතාව

ප්‍රිකාවේ විතරක් නෙවෙයි අපේ රටේ කෙල්ලොත් කතාකරන්න අරගෙන. ඊබ්‍රාහිම් ට්‍රෝරේ. දැන් අපිට පුරුදු නමක්. ලෝක ජනමාධ්‍යත් කතා කරන්න අරගෙන.

මොකක් හරි යම් වෙනසක් යම් මනුස්සයෙක් කරන්න ගත්තොත් ඒක හිට් වෙනවා. මොකද හැමෝම යන්නේ පුරුදු පාරේ. නැත්නම් හැමෝම යන පාරේ. එහෙමත් නැත්නම් ලෝක බැංකුව හරි IMF එක හරි කියන පාරේ. නැත්නම් ලෝක බලවතෙක් කියන පාරේ. නැත්නම් ඉන්දියාව චීනය කියන පාරේ.

තනියම වෙනම මාවතක වෙනම ගමනක් යන්න ගටක් තියෙන්න ඕනි. පෞරුෂයක් තියෙන්න ඕනි. එතකොට මිනිස්සු බලන්න ගන්නවා. ඒ අලුත් මාවත යම් ජයග්‍රහණයක් ගෙනාවොත් මිනිස්සු තවත් අවධානයෙන් බලනවා. මේ වෙන්නේ ඒක…

ibrahim traore
ඊබ්‍රාහිම් ට්‍රෝරේ

අවධානය ගන්න සල්ලි ගෙවල යූ ටියුබ් විව්ස් වැඩිකර ගන්න ඕනි නැහැ. ෆේස් බුක් තවාන් ඕනිත් නැහැ.

වෙනස් ගමනක් යන්න ඩොනමෝර් ප්‍රතිසංස්කරණ සහ සර්වජන චන්ද බලය ඕනිම කියල නීතියක් නැහැ. අරක තියනවා මේක තියනවා කියල මොකක හරි හිරවෙන්න ඕනිත් නැහැ. ලෙනින්ගේ ෆොටෝ එකක් පිටිපස්සේ එල්ලගන්න ඕනිත් නැහැ.

කොල්ල හැන්ඩිය. මම නම් මූට ආදරෙයි. අපේ රටට එහෙම එකෙක් නැති එක ගැන දුකයි….

Mahesh Hapugoda
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

[email protected]

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්…)

 

මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

World Gossip