Home සයුරෙන් එහා පුවත් ඇගේ මතකය යළි කරළියට.. ලොවක් ආදරේ කර ඩයනා කුමරිය ගැන ඇසෙන ඒ...

ඇගේ මතකය යළි කරළියට.. ලොවක් ආදරේ කර ඩයනා කුමරිය ගැන ඇසෙන ඒ කතාව මෙන්න

0
39

ඇය ලොව පුරා ජනතාවගේ ආදරයට පාත්‍ර වූ බ්‍රිතාන්‍යයේ රජ කුමරියක්.. ලොව පුරා ඇයට ආදරය කරන ඇගේ විලාසිතා, ඇඳුම් ආයිත්තම්වලට හිමි වෙන්නේ විශේෂ තැනක්..

මේ කියන්නේ ඩයනා කුමරිය භාවිතා කළ ඇඳුම් ආයිත්තම් කිහිපයක් වෙන්දේසි කිරීමක් ගැන ඇසෙන අලුත්ම ආරංචියක් ගැන කතාවක්..

මේ වෙන්දේසිය සිදුකරන්නේ කැලිෆෝනියාවේ සුප්‍රකට ජූලියන් වෙන්දේසි සමාගම විසින්..

වේල්සයේ කුමරිය කියූ පමණින් ඔබේ මතකයට නැගෙන මේ සුරූපිනිය, බ්‍රිතාන්‍යයේ වත්මන් රජු වන තෙවැනි චාල්ස් රජුගේ බිරිඳව සිටියා…

ඇය 1997 වසරේ අගෝස්තු මස 31 වැනිදා ප්‍රංශයේදී සිදුවූ රිය අනතුරකින් ජීවිතයෙන් සමුගත් අතර, දැන් ඩයනා කුමරිය පිළිබඳ කතාබහ නැවතත් කරළියට පැමිණ ඇත්තේ මේ වෙන්දේසිය නිසා කිව්වොත් හරි..

“Princess Diana’s Style and a Royal Collection” ලෙස නම් කර ඇති මෙම වෙන්දේසිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජූනි මස 26 වැනිදායි.. ඒට සමගාමීවයි, ඩයනා කුමරියට අයත්ව තිබූ ඇඳුම් ආයිත්තම් කිහිපයක් වෙන්දේසියට තැබීමට සුප්‍රකට ජූලියන් වෙන්දේසි සමාගම සැලසුම් කර ඇත්තේ..

කැලිෆෝනියාවේ පෙනින්සුලා බෙවර්ලි හිල්ස් නම් තරු පන්තියේ හෝටලයකදී එය පැවැත්වෙන අතර, ඩයනා කුමරිය විසින් අඳින ලද අලංකාර ගවුම්, ඇය විසින් පලදින ලද තොප්පි හා පාවහන් මෙන්ම ඇය භාවිතා කල මිල අධික අත් බෑගයන් ආදී අයිතම 100ක් සඳහා ලංසු තැබීමට හා ඒවා මිලදී ගැනීමට ගැනුම්කරුවන්ට මෙහිදි අවස්ථාව හිමිවෙනවා..

ජූලියන් වෙන්දේසි සමාගමේ විධායක අධ්‍යක්ෂක සහ සම නිර්මාතෘ මාටින් නෝලන් පවසන පරිදි, ඩයනා කුමරියට අයත් ව තිබූ භාණ්ඩ වැඩිම ප්‍රමාණයක් එකවර වෙන්දේසි කරන පළමු අවස්ථාව මෙයයි…

කෙසේ වෙතත්, මෙම වෙන්දේසියෙන් ලැබෙන ආදායමෙන් කොටසක් බ්‍රිතාන්‍යයේ මස්කිවුල ඩිස්ට්‍රොෆී සමාජ අරමුදලට බැර කරන බවයි ජූලියන් වෙන්දේසි සමාගම පවසනවා.. ඊට අදාළ භාණ්ඩ ජූනි 17 වැනිදා දක්වා පූර්ව ප්‍රදර්ශනය සඳහා තබා තිබෙනවා..

Previous articleසුපිරි ටික්ටොක් තරුව Khaby Lame ඇමරිකාව අතහරියි..?
Next articleඑදා වේදිකාවේ ජෝති හඬ මුසපත් කල ඔහුට අද අත්වී ඇති කණගාටුදායක ඉරණම
error: Content is protected !!
Verified by MonsterInsights