වසර දෙකක විරාමයකින් පසු, මේ වසරේදී යළි රසිකයින් අතරට එන ‘BTS’ ගැන ඇසෙන ඔබ හොයපු අලුත්ම කතාව මෙන්න.

වසර දෙකක විරාමයකින් පසු, මේ වසරේදී යළි රසිකයින් අතරට එන ‘BTS’ ගැන ඇසෙන ඔබ හොයපු අලුත්ම කතාව මෙන්න.

දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවයෙන් නිදහස් වූ නවතම BTS සාමාජිකයින් දෙදෙනා තමයි, පාර්ක් ජිමීන් (park jimin) සහ ජන්ග්කුක් (jeon jungkook)

ඔවුන්ගේ පැමිණීම සිදුවන්නේ, RM සහ V නිදහස් කිරීමෙන් දිනකට පසුව. ඒ කියන්නෙ ඊයේ (11).
BTS සාමාජිකයින්ගෙන් හය දෙනෙකුම හමුදා සේවයේ නියුක්ත වුණු නමුත් Suga සිය රාජකාරිය ඉටු කරමින් සිටින්නේ සමාජ සේවා නියෝජිතයෙකු හැටියට.

හමුදා සේවයට වාර්තා නොකළේ, උරහිසේ කළ ශල්‍යකර්මයක් නිසාවෙන් හමුදා සේවයේ යෙදීමට තරම් ශරීර යෝග්‍යතාවක් නොවීම හේතුකරගෙන බව සඳහන්.
ඒ අනුව මින් යූන්-ගි හෙවත් Suga රාජ්‍ය සිවිල් සේවයෙ යෙදීමෙන් අනතුරුව මෙම මස 21 වනදා නිදහස් වීමට නියමිතයි.

නුදුරේදීම සිදුවන Sugaගේ නිදහස් වීමත් සමඟ, BTS කණ්ඩායම යළි එක්වනු ඇති.
මේ ආරංචිය BTS රසික පිරිසට කෙතරම් උද්‍යෝගයක් ගෙනවිත් ඇත්ද යන්න, සමාජ මාධ්‍යයේ හුවමාරු වන සටහන්, ඡායාරූප සහ වීඩියෝ දැක්කාම පැහැදිලියි.

BTS රසිකයන් මඟබලාගෙන උන්නෙ සංගීත කණ්ඩායම නැවත් ඔවුන් අතරට එන්නේ කාවදා ද යන්න සම්බන්ධව.

ඒ නිසාම RM සහ V පිළිගැනීමට හමුදා කඳවුර අසල රසිකයන් විශාල පිරිසක් රැස්ව සිටි අයුරුයි දක්නට ලැබුණේ.
එම රසිකයින් අතරට මෙක්සිකෝව, තුර්කිය සහ බ්‍රසීලය යන රටවලින් පැමිණි විශාල රසික පිරිසක් අයත්.
තමන් එනතුරු බලාසිට සියලුමදෙනාට කෘතඥ වන බවත් BTS කණ්ඩාය ඉතාමත් ඉක්මනින් සංගීත කටයුතු ආරම්භ කරන බවත්, රසිකයන් හමුවට ආව RM සහ V විදෙස් මාධ්‍ය හමුවේ අදහස් දක්වලා තිබුණා.
BTS කියන්නෙ සාමාජිකයින් 7 දෙනෙකුගේ එකතුවක්.
එහි ‘ජින්’ පසුගිය වසරේ ජුනි මාසයේත් ‘ජේ-හෝප්’ ඔක්තෝබර් මාසයේත් සිය හමුදා සේවය අවසන් කළා.
BTS සාමාජිකයින් දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවයට එක්වූයේ පසුගිය 2022 වසරේදී.
සාමාජිකයින් 7 දෙනාම හමුදා සේවය සහ රාජ්‍ය සිවිල් සේවය අවසන් කරන නිසාම, මේ වසර BTS රසිකයින්ට විශේෂයි.

ඒ ගැන ‘ජේ-හෝප්’ මීට ඉහත මෙයාකාරයෙන් අදහස් දක්වලත් තිබුණා.
“අපි ඉක්මනින් අනාගතයේදී BTS හට කළ හැකි දේ ගැන කතා කරමු.
අපගේ සාමාජිකයින් ඔවුන්ගේ සේවය අවසන් කර එනතුරු මම බලාපොරොත්තුවෙන් සිටිමි…”
කණ්ඩායමේ වසර දෙකක විරාමය තුළ කණ්ඩායමේ සාමාජිකයින් හත් දෙනාම ඒක පුද්ගල ව්‍යාපෘති නිකුත් කර තිබීම සුවිශේෂී කාරණයක්.

‘ජේ-හෝප්’ කියන්නෙ එය ඔවුන් සියලුදෙනාටම සිය අනන්‍යතා ගොඩනඟාගන්න උපකාරී වුණු බව.

World Gossip