Home සයුරෙන් එහා පුවත් ගාසා තීරයේ තත්ත්වය නරක අතට – පැය 24ට ජීවිත 140ක් අහිමි වෙලා

ගාසා තීරයේ තත්ත්වය නරක අතට – පැය 24ට ජීවිත 140ක් අහිමි වෙලා

0
109

ගත වූ පැය 24ක කාලය තුළ ගාසා තීරයේ හටගත් යුද ගැටුම්වලින් පුද්ගලයින් 140 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පුද්ගලයින්ගෙන් වැඩි දෙනෙකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සහ වෙඩි තැබීම් හේතුවෙන් මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබේ.

එමෙන්ම මධ්‍යම ගාසා තීරයේ සලාහුදීන් මාර්ගයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගෙන එන ලද ආධාර ට්‍රක් රථවලින් ආහාර ලබාගැනීමට බලා සිටි ජනතාවට සිදුකළ වෙඩි තැබීම්වලින් 14 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Ada Derana

Previous articleලෝ ප්‍රකට හොලිවුඩ් නළුවෙක් ලංකාවේ… මොකටද මේ ඇවිත් තියෙන්නේ ?
Next articleකොළඹ පුරපති පුටුවට ගිය සුරූපි කතුන් ගැන ඔබ නොදත් කතාවක්..
error: Content is protected !!
Verified by MonsterInsights