280 කට වැඩි පිරිසකට මරු කැඳවමින් කඩා වැටුණු එයාර් ඉන්දියා ගුවන් යානයේ කලු පෙට්ටිය විදේශ විශ්ලේෂකයන් වෙත යැවීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ඉන්දීය ගුවන් අනතුරු විමර්ශන කාර්යාංශය ප්‍රකාශ කරනවා.
අහමදාබාද් ගුවන් තොටුපළෙන් ගුවන්ගතවී සුලු වේලාවකින් මෙලෙස කඩා වැටුණේ බොයිං 787 එයිට් වර්ගයේ ඩ්‍රීම් ලයිනර් යානයක්.
මේ වනවිට එහි පියාසැරි දත්ත සහ පටිගත කිරීම් ඉන්දීය බලධාරින් විශ්ලේෂණය කරමින් සිටින අතර, ඒ සඳහා විදේශ සහය ලබාගන්නා බවට විවිධ වාර්තා පළවී තිබුණා.











