Home සයුරෙන් එහා පුවත් යුධ උණුසුම මැද ඔවුන්ට තවත් විපතක්… ඉරානයෙන් ඇසෙන ඒ කණගාටුදායක පුවත මෙන්න

යුධ උණුසුම මැද ඔවුන්ට තවත් විපතක්… ඉරානයෙන් ඇසෙන ඒ කණගාටුදායක පුවත මෙන්න

0
111

උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1 භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

එරට වේලාවෙන් ඊයේ (20) රාත්‍රියේ මෙය සිදුව ඇත.

ඉරාන මාධ්‍ය වාර්තාවන්ට අනුව සෙම්නාන් පළාතට කිලෝමීටර් 37ක් (සැතපුම් 23) නිරිත දෙසින්, කිලෝමීටර් 10ක් (සැතපුම් 6) ගැඹුරේ මෙය සිදුව තිබේ.

මින් සිදුව ඇති හානිය පිළිබඳ විදෙස් වාර්තා සඳහන් කර නොමැති වුවත්, සෙම්නාන් පළාතේ සෝර්කේ නගරය අවට සෙලවී ඇති බව සඳහන්.

එමෙන්ම සෝර්කේ සිට කිලෝමීටර් 150ක් පමණ දුරින් පිහිටි ටෙහෙරාන් අගනුවරට ද මෙම කම්පනය දැනුණු බවද එම වාර්තාවන්හි දැක්වේ.

ada derana

Previous articleරටම බලාසිටි මහනුවර ඇසල පෙරහැර ගැන ඇසෙන ඒ පුවත මෙන්න
Next articleමේ පාරත් එයාගේ උපන්දිනේට ලගින්ම හිටියේ ඇය. සුජානි – බිමල් ආදරණීය කුරුළු ජෝඩුවේ කුරුල්ලාගේ විශේෂ දවස..!
error: Content is protected !!
Verified by MonsterInsights