Home සයුරෙන් එහා පුවත් ඉතිහාසය වෙනස් කරන අලුත් මෝටර් රථයක් ගැන ඉන්දියාවෙන් ඇසෙන අදහාගන්නත් බැරි කතාව

ඉතිහාසය වෙනස් කරන අලුත් මෝටර් රථයක් ගැන ඉන්දියාවෙන් ඇසෙන අදහාගන්නත් බැරි කතාව

0
56

මේ වගේ නිමැවුම් ගැන අපි නිතර දෙවේලේ අසා තිබෙනවා.. ඒත් මේ ඉන්දියාව සැරසෙන්නේ වෙනස්ම වැඩකට කිව්වොත් හරි..

මෝටර් රථ අතර මේ වෙනකොට අතිශ්‍යය ජනප්‍රිය විදුලි මෝටර් රථ ගැනයි මේ කතාව..

ලොව 4 වැනි විශාලතම විදුලි මෝටර් රථ නිෂ්පාදකයා බවට ඉන්දියාව පත්වීමට නියමිත බව වාර්තා වනවා..

2030 වසර ඔවුන්ගේ එම ඉලක්කය බවයි ගෝලීය ආර්ථික හා ප්‍රතිපත්ති ගැටළු පිළිබඳ ස්වාධීන පර්යේෂණ සහ විශ්ලේෂණ සිදුකරන බුද්ධි මණ්ඩපයක් වන රෝඩියම් සමූහය විසින් අනාවරණය කර ඇත්තේ..

ඉදිරි වසර 5 තුළ ඉන්දියාවේ විදුලි මෝටර් රථ සඳහා එරට ඉල්ලු‍ම ඒකක මිලියන 1.1 ත් 2.1ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ..

එමෙන්ම, 2030 වසර වනවිට ඉන්දීය විදුලි මෝටර් රථ නිෂ්පාදන ධාරිතාව ඒකක මිලියන 2.5ක් දක්වා දස ගුණයකින් වැඩි වන බවයි විශ්ලේෂක කණ්ඩායම පවසන්නේ..

ලොව විදුලි මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛයා චීනය වන අතර, ඔවුන්ට පසුපසින් සිටින්නේ යුරෝපය සහ ඇමරිකාවයි..

එසේම, ඉන්දියාවට අපනයන වෙළෙඳපොළ ආක්‍රමණය කිරීමට නම් පිරිවැය අඩු කර දැඩි තරගයක් දීමට සිදුවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ..

Previous articleමේ දේ හරියට කලොත් සල්ලි උතුරාවි.. ලුණු කැටවලින් කරන විශ්මිත කෙමක් ගැන දැනගන්න
Next article” මෙච්චර පොළොවට නැමුණු තරුණ ව්‍යවසායකයෙක් මම දැකලා නැ… ” රටම දන්න ඔහු ගැන ලකා කී කතාව
error: Content is protected !!
Verified by MonsterInsights