ගලවා ගැනීමේ මෙහෙයුමේ හද සසල කරවන සංවේදී මොහොතක්… හෙලිකොප්ටර් අනතුරේ නවතම තත්ත්වය…

0
26

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවටපත් ජනතාව ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරත වූ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්ව තිබේ.

බෙල් 212 වර්ගයේ යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, ලුණුවිල සහ වෙන්නප්පුව අතර ප්‍රදේශයකදීය.

ආපදා හේතුවෙන් විපතටපත්ව සිටින ජනතාව වෙත ආහාර ද්‍රව්‍ය ඇතුළු සහන සේවා ලබාදීමට අද (30) පෙරවරුවේ සිටම ගුවන් හමුදාව විශාල මෙහෙවරක් ඉටුකරමින් සිටී.

ලුණුවිල, ගිංඔයට බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටුණේ ඒ අතරතුරදී ය.

එම අවස්ථාවේදී ලුණුවිල පාලම අසල සිටි පිරිසකට ආහාර ද්‍රව්‍ය ඇතුළු උපකරණ ලබාදීමට ගුවන් හමුදා නිලධාරීන් උත්සහ දරා ඇත්තේ ආරක්ෂිත ගොඩබැස්වීමකට සූදානම් වෙමිනි.

කෙසේවෙතත් පාලම මත ජනතාව රැඳී සිටීමත් සමඟ එය ව්‍යර්ථ වූ අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

මේ වනවිට හෙලිකොප්ටර් යානයේ ගමන්ගත් ගුවන් නියමුවන් ඇතුළු 05 දෙනා මුදාගෙන ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කර තිබේ.

Previous articleහිටපු මන්ත්‍රීවරයෙක් දරුණු අනතුරකින් ජීවිතක්ෂයට. සිත් කම්පා කරවන දුක්බර ආරංචියක්.
Next articleආපදා මරණ 334ක් – අතුරුදන් 370ක් – වැඩිම මරණ මහනුවරින්.