ජාත්‍යන්තර පිටියෙන් සමු ගන්න දිමුත් ඕස්ට්‍රේලියාවට ගිහින් කරන්න යන වැඩේ…

0
144

හිටපු නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ, සිය 100 වන ටෙස්ට් තරගය වන ඔස්ට්‍රේලියාවට එරෙහිව එළඹෙන තරගයෙන් පසුවයි.

2012 වසරේ දී සිය ටෙස්ට් දිවිය ආරම්භ කළ දිමුත් කරුණාරත්න, ටෙස්ට් ශතක 15ක් සහ අර්ධ ශතක 34ක් ලබාගෙන තිබෙනවා.

“මම ක්‍රිකට් නැවැත්තුවාට පසුව පුහුණුකරුවෙකු වෙන්න සුදුසුකම් හදාගන්න තීරණය කරලා තියෙනවා. පුහුණුකරුවෙකුට ලෙවල් 2, 3, 4 සුදුසුකම් සම්පූර්ණ කරගන්න තියෙනවා. ඉන් ලෙවල් 2,3 ඔස්ට්‍රේලියාවේදී හදාරන්න බලාපොරොත්තු වෙනවා.ක්‍රිකට්වලම ගොඩක් කාලයක් හිටපු නිසා ඉන් ටිකක් මිදිලා අම්මලා තාත්තාලා එක්ක එහෙ (ඔස්ට්‍රේලියාවේ) ජීවිතය ගෙවන්න කැමතියි. ඉන් පසු මම තීරණය කර තිබෙනවා මගේ දැනුම ශ්‍රී ලංකා ක්‍රිකට්වලට හෝ වෙනත් රටක ක්‍රිකට් දියුණු කරන්න ලබාදෙන්න.අවුරුදු 3,4කට පස්සේ මම පුහුණුකාරිත්ව පැත්ත ලොකුවට කරන්න බලාපොරොත්තුවක් තියෙනවා”.

Previous articleසෙම වැඩි වෙලාද ? ඔන්න එහෙනම් සෙම හොඳ කරන්න ගෙදර ඉදන්ම කරන්න පුළුවන් ලේසිම බෙහෙත් වට්ටෝරුවක්..
Next article‘ ඔහු ඒ 100 ගහනකොට අප්පුඩියක් ගහන්න ඔයාලා ග්‍රවුන්ඩ් එකේ ඉන්නවා නම් ඒක ගොඩාක් වටිනවා.’ ලසිත් මාලිංග දිමුත් වෙනුවෙන් කතා කරයි.