Home දේශිය පුවත් “මගේ දෑස්වලට ආලෝකය නැති වුණාට මගේ හදවතේ තියෙන බලාපොරොත්තුවේ ආලෝකය නිවන්න කාටවත්...

“මගේ දෑස්වලට ආලෝකය නැති වුණාට මගේ හදවතේ තියෙන බලාපොරොත්තුවේ ආලෝකය නිවන්න කාටවත් බැහැ” කාටත් වටින ආදර්ශමත් කතාවක්…

0
5

අපේ සමාජයේ දෑස් නොපෙනෙන බොහෝ දෙනෙක් තමන්ගේ අසරණකම විකුණා අනුන්ගෙන් යැපෙන්නට උත්සාහ කරද්දී, දෛවයට අභියෝග කළ අපූරු මිනිසෙකු ගැන යාපනයෙන් වාර්තා වෙනවා.

ඔහු දරුවන් තිදෙනෙකුගේ ආදරණීය පියෙක්. තමන්ට ලෝකය නොපෙනුණත්, මුළු ලෝකයටම තමන්ව පෙනෙන විදියේ අමතක නොවන සටහනක් තබන්නට ඔහු සමත් වුණා.

මේ දිරිය පියා පසුගියදා කිලෝමීටර් 15ක අතිශය දුෂ්කර මැරතන් තරඟයක් සාර්ථකව නිම කළා. තනිවම පාර පෙනෙන්නේ නැති වුණත්, ඔහු මේ ජයග්‍රහණය ලබා ගත්තේ තම බිරිඳ සහ පුතා පෙන්වූ මඟ පෙන්වීම ඔස්සේයි. ඔහු දිව යද්දී බිරිඳ සහ පුතා ඔහුට පාර කියමින් ධෛර්යය ලබා දුන් අතර, ඒ ආදරණීය හඬවල් ඔස්සේ ඔහු තම ඉලක්කය කරා නොබියව පියනැගුවා.

අනුන්ගෙන් කීයක් හෝ ඉල්ලාගෙන ජීවත් වෙනවා වෙනුවට, තමන්ගේ සිරුරේ ඇති ශක්තියෙන් යමක් කළ හැකි බව ඔහු මුළු මහත් සමාජයටම පසක් කර දුන්නා. කිලෝමීටර් 15ක් පුරා වැගිරුණු ඔහුගේ ඒ දහඩිය බින්දුවල ලියැවී තිබුණේ “අසරණකම” නොව “අධිෂ්ඨානයයි”.

“මගේ දෑස්වලට ආලෝකය නැති වුණාට, මගේ හදවතේ තියෙන බලාපොරොත්තුවේ ආලෝකය නිවන්න කාටවත් බැහැ…”

අද ඔහු යාපනයට පමණක් නොව, මුළු මහත් ශ්‍රී ලංකාවටම ආඩම්බරයක්. දෑස් පෙනෙන අපට පවා ජීවිතයේ පොඩි ගැටලුවකදී පසුබට වන මොහොතක, මේ දිරිය පියා අපට කියා දෙන්නේ අපූරු පාඩමකි.

සමාජ මාධ්‍ය ඇසුරෙන්

Previous articleඇය නැති පාළුව මකන්න තිසුරිගේ දෝතට සුරංගනාවියක්.. විශේෂ වුණු දවසක තිසුරි සටහනක් එක්කරයි…
error: Content is protected !!
Verified by MonsterInsights