“කොලෙස්ටරෝල් රිපෝට් එක අතට ගත්තම ඉලක්කම් ගොඩයි. මොකක්ද මේ හොඳ එක? මොකක්ද නරක එක?”
ගොඩක් අයට මේක පැටලෙනවා. සමහරු Total Cholesterol අගය දැකලා නිකන්ම බය වෙනවා. ඩොක්ටර් ළඟට යන්න කලින්, ඔබේ ශරීරයේ තෙල් තත්ත්වය ගැන දළ අදහසක් ගන්න හැටි මෙන්න.
ඉලක්කම් 4ක කතාව (The Big 4):
රිපෝට් එකේ ප්‍රධාන කොටස් 4ක් තියෙනවා. මේවා මතක තියාගන්න ලේසි ක්‍රමයක් මෙන්න:
Total Cholesterol (මුළු කොලෙස්ටරෝල්):
මේ ඔබේ ඇඟේ තියෙන ඔක්කොම තෙල් වල එකතුව.
✅ තියෙන්න ඕනේ: 200 mg/dL ට අඩුවෙන්.
විශේෂයි: මේ අගය 200 ට ටිකක් වැඩි වුනාට බය වෙන්න එපා. අපි බලන්න ඕනේ ඊළඟට තියෙන දෙක ගැනයි.
HDL (High Density – හොඳ කොලෙස්ටරෝල්):
මේක තමයි “වීරයා”. මේවායින් කරන්නේ නහර වල බැඳෙන තෙල් කෑලි ගලවාගෙන ඇවිත් අක්මාවට ගෙනිහින් විනාශ කරන එක.
H for HAPPY/HIGH: මේ අගය වැඩි වෙන තරමට හොඳයි.
✅ තියෙන්න ඕනේ: පිරිමි 40 ට වැඩි / කාන්තා 50 ට වැඩි.
LDL (Low Density – නරක කොලෙස්ටරෝල්):
මේක තමයි “හතුරා”. හාට් ඇටෑක් හදන්නේ මෙයා තමයි. මේවා නහර අස්සේ හිර වෙලා බ්ලොක් ඇති කරනවා.
L for LOW/LEDA (ලෙඩ): මේ අගය අඩු වෙන තරමට හොඳයි.
✅ තියෙන්න ඕනේ: 100 ට අඩුවෙන් (130 ට වැඩි නම් අවදානම්).
Triglycerides (ට්‍රයිග්ලිසරයිඩ්):
මේවා හැදෙන්නේ තෙල් කෑම වලින්ම නෙවෙයි. පිටි, සීනි සහ බත් වැඩිපුර කෑවම ඒ ශක්තිය තෙල් විදියට තැන්පත් වීමයි මේ.
✅ තියෙන්න ඕනේ: 150 ට අඩුවෙන්.
සරල නිගමනය: ඔබේ HDL (හොඳ එක) වැඩි නම් සහ LDL (නරක එක) අඩු නම්, Total අගය පොඩ්ඩක් වැඩි වුනත් ලොකු බයක් වෙන්න දෙයක් නෑ. ඒත් LDL සහ Triglycerides වැඩි නම් පරිස්සම් වෙන්න.
⚠️ සැලකිය යුතුයි: මෙය ඔබේ දැනුමට පමනි. බෙහෙත් පටන් ගැනීමට හෝ වෙනස් කිරීමට අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගන්න.
තමන්ගේ රිපෝට් එක ගැන බයෙන් ඉන්න අයට මේක Share කරන්න.
Weda mahatha.











