Home Uncategorized කොණ්ඩේ යනවා නම් මෙන්න බෙහෙතක්… ගොටුකොළ ගැන ඇහෙන පුදුම හිතෙන කතාවක් මෙන්න

කොණ්ඩේ යනවා නම් මෙන්න බෙහෙතක්… ගොටුකොළ ගැන ඇහෙන පුදුම හිතෙන කතාවක් මෙන්න

0
144

කොන්ඩෙ යනවා නම් හිස් මුදුනින් හිස් කබල පෙනෙන්නට පටන් අරං වගෙ නම් කොන්ඩෙ කිසිම පිරුණු බවක් ලස්සනක් නැත්නම් ඉක්මනින් වෙල් ගොටුකොළ ටිකක් අඹරලා ජූස් එකක් වගෙ බොන්න පටන් ගන්න
යටි පතුල් පැලෙනවා නම් ඔලුව කැක්කුම උගුරෙ සෙම ගතිය හැම වෙලාවෙම තියෙනවා නම් ගොටු කොළ ජූස් බොන්න පටන් ගන්න
පාඩම් මතක හිටින්නෙ නැත්නම් ඇස් දෙක නිතරම රිදෙනවා නම් පුංචි දරුවොත් ඇස් කන්ණාඩි දානවා නම් ගොටු ජූස් එකක් හදලා දෙන්න පටන් ගන්න..
අපෙ රටෙ වාසනාවට ඕන තැනක වැවෙන පිටරට වල අධික මිල ගනන් වලට විකිනෙන ඒත් අපෙ රටෙ මිනිස්සු ඒවායින් වැඩ නොගන්න ඉතා වටිනා අති ප්‍රබල ගුණ බෙහෙතක් සලාදයක් තමයි ගොටුකොළ කියන්නෙ..
වෙල් ගොටු කොළ මිටක් වතුර අඩු කොප්ප දෙකක් දාලා හොදට බ්ලෙන්ඩර් කරලා මී පැණි හැන්දක් ලෙමන් යූෂ ටිකක් දාලා හිස් බඩ හො විශාල ආහාර වේලක් බඩෙ නැති වෙලාවක් බලලා බොන්නයි තියෙන්නේ.. සතියකට තුන් පාරක් බීලා බලන්න.. පුදුමාකාර විශෙෂ වෙනස්කම් හුගක් දැනෙයි..වෙල් ගොටුකොළ හැමොටම නැහැනේ. ගොඩක් මෝරපු නැති ඕනම ගොටුකොළ වර්ගයක් කමක් නෑ.. හැබැයි හදපු ගමන් බොන්න ඕන..කහට ගතියක් එනවා හදලා ටිකක් වෙලා තිබ්බහම.
✍️ජනාලි මදුරසිංහ.

Previous articleඔබේ පැරණි පෙම්වතා හෝ පෙම්වතිය ගැන ඔබ තවමත් FB එකෙන් හොයනවා ද ? මේ ලිපිය ඔබටමයි
Next articleඔබත් සතියකට දෙපාරක් ක්ෂණික නූඩ්ලස් කන කෙනෙක්ද ? එහෙනම් ඔබත් ඉන්නේ ලොකු අවධානමක… මේ ලිපිය කියවන්න
error: Content is protected !!
Verified by MonsterInsights