දරුවාගේ පියා චාමික යැයි කියන සුරූපී තරුණිය ගුවන් සේවිකාවක් නෙමෙයිද ? දැන් ඇසෙන ආරංචිය මෙන්න

0
24

ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න තම දරුවාගේ පියා බව පවසමින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි තරුණිය ‘ගුවන් සේවිකාවක්’ ලෙස හඳුන්වා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් සේවිකාවන්ගේ සංගමය නිල ප්‍රකාශයක් නිකුත් කර ඇත.

අදාළ තරුණිය කිසිදු ගුවන් සමාගමක සේවය කරන ගුවන් සේවිකාවක් නොවන බව එම සංගමය සිය නිවේදනය මඟින් පෙන්වා දෙනවා.

එමෙන්ම මාධ්‍ය විසින් ඇය ගුවන් සේවිකාවක් ලෙස වැරදි ලෙස හඳුනාගැනීම පිළිබඳවද එම සංගමය කනස්සල්ල පළ කර තිබේ.

එවැනි අසත්‍ය තොරතුරු පැතිරවීම සංගමයේ සාමාජිකාවන්ගේ අපකීර්තියට හා සමස්ත වෘත්තියේ කීර්තිනාමයට හානි කරන බවද ඔවුන් එම නිවේදනය මඟින් අවධාරණය ක‍ර ඇත.

එම නිසා නිවැරදි නොවන සඳහන් කිරීම් නිවැරදි කරන ලෙස මාධ්‍ය ආයතන සහ මහජනතාවගෙන් ඉල්ලා සිටින බව සංගමය නිවේදනයේ සඳහන් වේ.

මේ අතර අගතියට පත් එම තරුණිය ගුවන් සේවිකාවක් නොව, ගුවන් නියමුවරියක් බව වාර්තා වේ.

Previous articleකුස්සියේ තියන non-stick pan එකේ එක් සීරීමක් ඔබට මේ තරම් හානියක් කරනවා කියලා නිකමටවත් හිතුවාද..?
Next articleගෙදර ගොරකා තියනවද? කොලෙස්ට්‍රෝල් සුව කරන මැජික් එකක් හදාගන්න පුළුවන්.. අපූරු අත්බෙහෙතක් මෙන්න..