Home දේශිය පුවත් “පෙකණි වැල කපන කොටම බබා ඇඟිල්ල හෙල්ලුවා.. ඒකයි මෙහෙම වුණේ” අලුත උපන්...

“පෙකණි වැල කපන කොටම බබා ඇඟිල්ල හෙල්ලුවා.. ඒකයි මෙහෙම වුණේ” අලුත උපන් බිළිඳාට සිදුවූ දේ අහලා පියා අඬා වැටෙයි.

0
3921
අලුත උපන් බිළිඳෙකුගේ උපත සැමරීමට මග බලා සිටි දෙමාපියන්ට අදහාගත නොහැකි අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දීමට සිදු වූ පුවතක් චීනයෙන් වාර්තා වෙනවා.

ඒ, පෙකණි වැල කපන අවස්ථාවේදී සිදු වූ බරපතල අත්වැරදීමක් හේතුවෙන්.
නැගෙනහිර චීනයේ ජියැංසු ප්‍රාන්තයේ රෝහලකදී පසුගිය දෙසැම්බර් 25 වනදා මෙම සිදුවීම සිදුව තිබෙනවා. සීසර් සැත්කමකින් පසු බිළිඳාගේ පෙකණි වැල කපන අවස්ථාවේදී, එහි සිටි වින්නඹු මාතාවගේ අතින් අතපසුවීමකින් බිළිඳාගේ ඇඟිල්ලක් කැපී ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

බිළිඳාගේ පියා පවසන්නේ දරුවා මෙලොවට බිහි වී පැය දෙකක් යනතුරුත් රෝහල මේ බව තමන්ට වසන් කළ බවයි. පසුව රෝහල් බලධාරීන් පවසා ඇත්තේ දරුවාගේ වම් අතේ ඇඟිල්ලක් කැපී ඇති බවයි.

“පෙකණි වැල කපන කොටම බබා ඇඟිල්ල හෙල්ලුවා.. ඒකයි මෙහෙම වුණේ”

රෝහල් බලධාරීන් පවසන්නේ පෙකණි වැල කපන මොහොතේ බිළිඳා හදිසියේ ඇඟිලි චලනය කිරීම නිසා මෙම අවාසනාවන්ත සිදුවීම සිදු වූ බවයි.

මෙම සිදුවීමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ රෝහල් කාර්ය මණ්ඩලය සැතපුම් 300ක් පමණ ඈතින් පිහිටි වෙනත් විශේෂඥ රෝහලක් වෙත බිළිඳා රැගෙන ගොස් තිබෙනවා. එහිදී සිදු කළ දීර්ඝ සැත්කමකින් පසු කැපී ගිය ඇඟිල්ල යළි බද්ධ කිරීමට වෛද්‍යවරුන් සමත්ව තිබීම සතුටට කරුණක්.

සිදුවූ බරපතල අත්වැරදීම සම්බන්ධයෙන් අදාළ රෝහල පවුලේ අයගෙන් සමාව අයැද ඇති අතර, වන්දි මුදලක් ගෙවීමට ද එකඟ වී තිබෙනවා. කෙසේ වෙතත්, නොසැලකිලිමත් ලෙස කටයුතු කළ වින්නඹු මාතාවගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
Previous articleසතෙක් දශ්ඨ කලොත් දශ්ඨ කල සතා හදුනාගන්න ලේසිම ක්‍රමය මේකයි..
Next articleඔයාටත් අධි රුධිර පීඩනය තියෙයිද කියලා මේස් පැලදීමෙන් පස්සේ කකුලේ ඇති වෙන ලකුණු වලින් හොයාගන්න පුළුවන් !
error: Content is protected !!
Verified by MonsterInsights