මේ දිනවල වායු ගුණත්මකභාවය පහළ මට්ටමක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.
එම අධිකාරිය පවසන්නේ ඉදිරි දින දෙක තුළ මෙම තත්ත්වය පහව යනු ඇති බවයි.
වතින ශිත කාලගුණ තත්ත්වයත් සමඟ වෛරස් රෝග කිහිපයක ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.
ඔහුන් පවසන්නේ පවතින ශීත වියළි කාලගුණයත් සමඟ වෛරස් රෝග කිහිපයක පැතිරීම වැඩි විය හැකි බවයි.
“අපේ ශ්වසන මාර්ගයේ ඉහළ කොටසට අදාළව තමයි මේ වෛයිරස් බොහෝ දුරට බලපෑමක් ඇති කරන්නේ. සාමාන්‍යයෙන් මේ වෛරස් රෝග පෙර පාසල් වයසේ පසුවන කුඩා දරුවන් අතර බහුලව පැතිරෙන්න පුුළුවන්. උණ, කැස්ස, සෙම්පතිශ්‍යාව, උගුරේ වේදනාව, අධික හිසරදය, මාංශපේශීවල ඇතිවන වේදනාවත් වමනය, පාචනය වැනි රෝග ලක්ෂණත් මෙහිදී ඇති වෙන්න පුළුවන්. ඔබට දින තුනකට වඩා මේ රෝග ලක්ෂණ පවතිනවානම්, ඒ වගේම ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වෙනවානම් ඔබ ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි”












