Home දේශිය පුවත් සුරූපී කාන්තාවන්ගේ නාන කාමර දර්ශන වීඩියෝ කර කප්පම් ඉල්ලූ ඔහුට අත් වූ...

සුරූපී කාන්තාවන්ගේ නාන කාමර දර්ශන වීඩියෝ කර කප්පම් ඉල්ලූ ඔහුට අත් වූ ඉරණම මෙන්න..

0
597

සුරූපී කාන්තාවන්ගේ නාන කාමර දර්ශන වීඩියෝ කර කප්පම් ඉල්ලූ ඔහුට අත් වූ ඉරණම මෙන්න..

කාන්තාවන් ඇඳුම් මාරු කරන ආකාරය සහ නාන කාමර තුළ සිටින දර්ශන රහසිගතව වීඩියෝ ගත කරමින් කප්පම් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සීදුව ප්‍රදේශයේ පුද්ගලයෙකු ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබේ. මැටියගනේ ප්‍රදේශයේ පදිංචි කනිෂ්ක නැමැති මෙම සැකකරු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය සඳහන් කර ඇත්තේ, මොහුට එරෙහිව කප්පම් ගැනීම් සහ ස්ත්‍රී දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් මීගමුව සහ පොල්ගහවෙල අධිකරණවලද විමර්ශන ක්‍රියාත්මක වන බවයි. සීදුව ප්‍රදේශයේ කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී, එහි තිබී කාන්තාවන්ගේ රහසිගත දර්ශන ඇතුළත් වීඩියෝ පට රැසක් සොයාගෙන තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් වී නොමැති බැවින්, විමර්ශන ප්‍රගතිය මීළඟ නඩු දිනයේදී අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට වැඩිදුරටත් නියෝග කළේය.

Previous articleබය වෙන්න එපා සුදු දෝණි, මගේ කලිසමෙන් අල්ලගනින්..” කෙල්ලත් දාගෙන තනි රෝදෙන් යමලෝකෙට යන්න හදපු සුදු තාත්තී.. වයිරල් වීඩියෝවේ අවසානය මෙන්න!
Next article“මාස දෙකක් දේශන වලටත් ගිහින්, නේවාසිකාගාරයෙත් ඉඳලා..” – වෛද්‍ය පීඨයේ ‘ව්‍යාජ’ දොස්තර නෝනා.. මහනුවර කෙල්ලෙක් යාපනය කැම්පස් එක හොල්ලපු හැටි..
error: Content is protected !!
Verified by MonsterInsights