Home දේශිය පුවත් “අවුරුදු 7ක් තිස්සේ මම එයාගෙන් ඉගෙන ගත්තේ මේකයි” – ප්‍රියංකර ගැන දිල්හානි...

“අවුරුදු 7ක් තිස්සේ මම එයාගෙන් ඉගෙන ගත්තේ මේකයි” – ප්‍රියංකර ගැන දිල්හානි කියපු සංවේදී කතාව මෙන්න!

0
3586

ප්‍රියංකර පෙරේරා අවසන් ගමන් ගිහින්.මේ වෙලාගේ දිල්හානි ගැන කීවේ නැත්නම් වැඩකුත් නෑ. මම හිතන්නේ දිල්හානි එයාගේ ජීවිතේම කැප කළා තමන්ගේ සැමියා වෙනුවෙන්.

දිල්හානි දවසක් එයාගේ සැමියා ගැන කියපු කතාව.

ඇය කියන්නේ, තමන්ගේ රැකියාවත් කරගෙන, ඇවිදින්නවත් බැරි කෙනෙක්ව අවුරුදු හතක් පුරා බලාගන්න එක සරළ දෙයක් නෙමෙයි කියලා.

කලින් ඇය සරළව, විනෝදයෙන්, සතුටින් ජීවත් වුණු කෙනෙක්.
හැබැයි මේ අවුරුදු හත ඇතුළත ඒ හැම දෙයක්ම ටිකෙන් ටික වෙනස් වෙලා.

ඇය කියන විදිහට, මෙවැනි දෙයක් ගෙදර ඇතුල් වුණාම ගෙදර ජීවිතය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වෙනවා.
මුලදී ඒක බරක් වගේ දැනෙනවා.
මිනිස්සුන්ට මානසිකව වැටෙනවා, ඩිප‍්‍රෙෂන් වගේ හැඟීම් එනවා.

හැබැයි කාලයත් එක්ක ඇය ඒ තත්ත්වයට අනුගත වෙලා.
දැන් ඇය කියන්නේ ඒ හැමදේම එක්ක තමන් දැන් සතුටින් ජීවත් වෙනවා කියලා.

ඇයගේ වචන වලින්ම කියනවනම්, දැන් ප්‍රියංකර කියන්නේ ඇයට සැමියා විතරක් නෙමෙයි.
තවත් දරුවෙක් වගේ.
එතැනට එන එක කාන්තාවකට ලේසි ගමනක් නෙමෙයි.

හැබැයි… පුළුවන්.
ඒකයි මේ කතාවෙන් ඇය ලෝකෙට කියන්නේ

ප්‍රියංකර පෙරේරා ඇත්තටම වාසනාවන්තයි මේ වගේ බිරිඳක් ලැබුණ එක ගැන. නිවන් සුව

Previous articleලෝක රූ රැජිණ ඉතිහාසයේ කිසිම ලාංකික කෙල්ලෙක් නොකරපු විස්මිත වැඩක්: ප්‍රතිභා ලියනාරච්චි ලෝක වේදිකාව හොල්ලයි!
error: Content is protected !!
Verified by MonsterInsights