Home සයුරෙන් එහා පුවත් අභිමාන් ටෙලිනාට්‍යයේ රීවා එකපාරටම හිමාලයට ගිහින් මහණ වුණේ ඇයි? ක්ෂේ කුමාර් එක්ක...

අභිමාන් ටෙලිනාට්‍යයේ රීවා එකපාරටම හිමාලයට ගිහින් මහණ වුණේ ඇයි? ක්ෂේ කුමාර් එක්ක රඟපෑ, සුපිරි නිළිය එක තත්පරයෙන් සියලු සැප අතහැරපු අපූරු කතාව..

0
6

සිනමා තිරයේ දැවැන්ත රංගනයන්ගෙන්, දිලිසෙන ආලෝකයන්ගෙන් සහ අති සුඛෝපභෝගී ජීවිතයකින් වටවෙලා හිටපු කෙනෙක්, එකපාරටම ඒ හැමදේම අතහැරලා හිමාලයේ සීතල ආරාමයක මහණදම් පුරන්න ගියා කිව්වොත් ඔබට මොකද හිතෙන්නේ?

ගොඩක් අය හිතන්නේ පෞද්ගලික ජීවිතේ අවුල් වෙලා, නැත්නම් ආදරයෙන් පැරදිලා, නැත්නම් හිතට ලොකු දුකක් ඇවිත් තමයි කෙනෙක් මෙහෙම තීරණයක් ගන්නේ කියලා. ඒත් අද අපි කතා කරන්න යන මේ නිළියගේ කතාව ඊට හාත්පසින්ම වෙනස් එකක්.

සමහර විට ඔබ ඇගේ නම “බර්ඛා මදන්” (Barkha Madan) කිව්වාම වැඩිය දන්නේ නැතුව ඇති. ඒත් ඇයගේ මුහුණ ඔබට හුරුපුරුදු ඇති. ජනප්‍රිය රූපවාහිනී කතාමාලාවල මෙන්ම බොලිවුඩ් චිත්‍රපටවල ඇයගේ භූමිකාවන් කිහිපයක්ම අපි දැක තිබෙන නිසයි.

විශේෂයෙන්ම ලංකාවේ අපිට ඇයව වඩාත්ම මතක තියෙන්නේ ස්වර්ණවාහිනී නාලිකාවෙන් “අභිමාන්” සලෝනිගේ කතාව නමින් විකාශය වූ, ඉන්දියාවේ අතිශය ජනප්‍රිය වූ “Saat Phere: Saloni Ka Safar” ටෙලිනාට්‍යයේ ‘රීවා’ නම් චරිතයෙන්. ඒ විතරක් නෙවෙයි, 2003 වසරේ ලොකු ආන්දෝලනයක් ඇති කරපු “Bhoot” කියන හොල්මන් චිත්‍රපටයේ හොල්මනගේ චරිතය පිටුපස හිටියෙත් ඇයමයි.

බොලිවුඩයට ඇගේ ප්‍රවේශය සිදුවෙන්නේ 1996දී අක්ෂේ කුමාර්, රේඛා සහ රවීනා ටන්ඩන් වගේ සුපිරි තරු රඟපෑ “Khiladiyon Ka Khiladi” චිත්‍රපටයෙන් තමයි ඇය රංගන දිවිය ඇරඹුවේ. නිළියක් විදිහට විතරක් නෙවෙයි, ඉතා සාර්ථක නිරූපිකාවක් විදිහටත්, නිෂ්පාදකවරියක් විදිහටත් ඇය තමන්ගේ ක්ෂේත්‍රයේ ඉහළටම ගියා. ජනප්‍රියත්වය, මුදල්, ආකර්ෂණය කියන මේ හැමදේම ඇගේ පාමුල තිබුණා.

ඒත් මේ සුරූපී, ජනප්‍රිය නිළිය 2012 නොවැම්බර් 4 වැනිදා තමන් සතු වූ ඒ සියලු සැපසම්පත්, ගෞරවය සහ රංගන ජීවිතය එක තත්පරයකින් අතහැරියා. ඇය බෞද්ධ භික්ෂුණියක් බවට පත්වෙමින් “ගැලොන් සම්තෙන්” (Gyalten Samten) නමින් පැවිදි දිවියට ඇතුළත් වුණා. වර්තමානයේ ඇය ටිබෙටයේ ඊසාන හිමාලයානු කඳුවැටිය ආශ්‍රිතව පිහිටි සේරා ජේ (Sera Jey) ආරාමය ආශ්‍රිතව තමන්ගේ භාවනාමය සහ සන්සුන් පැවිදි ජීවිතය ගත කරනවා.

ගොඩක් අය ඇගේ මේ තීරණය ගැන ආරංචි වුණාම කිව්වේ, “අනේ පව්, පෞද්ගලික ජීවිතේ මොකක් හරි ලොකු කලකිරීමක් වෙන්න ඇති, ඒකයි මෙහෙම මහණ වුණේ” කියලා. ඇසිපිය හෙළන සැණින් පුවත් මවන මාධ්‍යත් ඒ වගේ කතා හදන්න උත්සාහ කළා.

ඒත් බර්ඛා මදන් ඒ හැමෝටම දුන්නේ හිතන්න යමක් ඉතිරි කරන උත්තරයක්.

“මගේ ගිහි ජීවිතයේදී මට කිසිම කලකිරීමක් ඇති වෙන දෙයක් සිදු වුණේ නැහැ. මම ඒ ජීවිතයත් හරිම සතුටින්, විනෝදයෙන් ගත කළා. මට ආදරය කරන පවුලක්, හොඳ යාළුවෝ සහ සාර්ථක වෘත්තියක් තිබුණා…” ඇය එහෙම කිව්වා.

ගොඩක් දෙනෙක් මහණදම් පුරන්න, නැත්නම් ආධ්‍යාත්මික මාර්ගයට යන්න තීරණය කරන්නේ ගිහි ජීවිතයේ දුකෙන් බේරෙන්න හෝ සතුට සොයාගෙන. ඒත් බර්ඛා භික්ෂුණියක් වීමට තීරණය කළේ වෙනස්ම හේතුවකට. තමන් සෙවූ සැබෑ සතුට සහ නිදහස කියන දේ භෞතික දේවල්වලින්, ජනප්‍රියත්වයෙන් හෝ මුදලින් කිසිදාක ලබන්න බැරි බව ඇයට අත්දැකීමෙන්ම වැටහුණු නිසයි. ජීවිතයට වඩා ගැඹුරු අර්ථයක් සහ සැබෑ සන්සුන්කමක් සෙවීමේ මාර්ගයක් ලෙස ඇය තමන්ගේ කැමැත්තෙන්ම මේ ජීවිතය තෝරාගත්තා.

ඇගේ මේ වෙනස්වීම එකපාරටම සිදුවූ දෙයක් නෙවෙයි. ඒ පිටුපස ඇගේ කුඩා කාලයේ සිටම තිබුණු අදහසක්, සිහිනයක් ක්‍රියාත්මක වුණා.

“1994 වසරේ ඉන්දීය රූ රැජින තරගයේ අවසන් වටයට මම ආවා. එදා විනිසුරුවන් මගෙන් ඇසූ ප්‍රශ්නයකට මගේ පිළිතුර වුණේ ‘මම ජයග්‍රහණය කළහොත් අඩු වරප්‍රසාද සහිත දරුවන් සමඟ වැඩ කරනවා
ඉස්සර මට වෛවර්ණ ඇඳුම් ආයිත්තම්, මේකප්, ආභරණ හරිම ප්‍රියයි. ඒත් අද මට ඒ කාලය දිහා බලද්දී හිතෙන්නේ ඒක හරිම නීරස, හිස් යුගයක් කියලා. දැන් මට මාව උණුසුම්ව තබා ගැනීමට සිවුරු කට්ටල දෙකක් සහ ලොම් ඇඳුම් කිහිපයක් විතරක් තිබුණාම හොඳටම ප්‍රමාණවත්.
මම දැන් පෙරටත් වඩා බොහෝ සැහැල්ලුවෙන්, නිදහස් මනසකින් ජීවත් වෙනවා. හිතට බරක් වෙන කිසිම බැඳීමක් නැහැ. මිනිසුන් වෙනුවෙන් පිහිටක් වෙන්න මට හැකි උපරිමය මම සිදු කරනවා. අවසානයේදී මම ඉතාම සැහැල්ලුවෙන් මේ ජීවිතයට සමු දෙනවා…” කියලයි.

අද කාලේ ගොඩක් අය කරන්නේ තව තවත් දේවල් ජීවිතයට එකතු කරගන්න දඟලන එක. ලොකු ගෙවල්, අලුත් වාහන, ජනප්‍රියත්වය, සෝෂල් මීඩියා ලයික්ස්… මේ හැමදේම පස්සේ දුවලා දුවලා අන්තිමේදී හිත ඇතුළෙන් තනිවෙන, හිස්බවක් දැනෙන මිනිස්සු ඕනෑ තරම් අප අතර ඉන්නවා.

Previous articleලක්ෂ දහයක රත්තරන් වලටත් වඩා මිනිස්කම බරයි… ලංගම සේවකයන් දෙන්නෙක් මුළු රටටම දුන් අපූරු පාඩම!
Next articleකකුලේ වීදුරු කට්ටක් ඇනිලා තියෙද්දීත් වෙස් තරුණයා නිළමේගෙන් ඉල්ලපු පුදුම ඉල්ලීම! පත්තිරිප්පුව ඉස්සරහදී සිදුවූ නොකියූ කතාව…
error: Content is protected !!
Verified by MonsterInsights