හරියටම මාලිගාවේ රජ වීදිය පහුකරන් පත්තිරිප්පුව ඉස්සරහට පෙරහැර හැදෙන ගමන්, කතරගම දේවාලයේ කරඩුන් වහන්සේ ඉස්සරහා නටන වෙස් කණ්ඩායමේ එක පුතෙක් දුවන් අවිල්ලා එතන හිටිය කාන්තා පොලිස් නිලධාරිනියක් ගෙන් ” හැට්ට කට්ටක් තියනවද මිස් ” කියලා ඇහුවා,මට තේරුනා කකුලෙ මොකක් හරි ඇනිලා කියලා, කාගෙන් වත් උදව් ඉල්ලන්නවත් කෑ ගහන්නවත් ගියේ නෑ කොල්ලා තනියම කට්ටෙන් විලුඹට අනිනවා…..
මං ගිනින් කකුල අල්ලගෙන ෆෝන් එකේ ෆ්ලෑශ් එක ගහල බලන්කොට වීදුරු කට්ටක් ඇතුලේ………
” පුතා මේක ඇතුලට බැහැල තියෙන්නෙ,”
“කමක් නෑ මාමේ හාරලා අයින් කරන්න”
“යන්කෝ මං අයින් කරලා බෙහෙත් දාන්නම්”
“බෑ බෑ මට නටන්න ඕනි මම යන්නම්”
“හරි හරි ඉන්න කොහොම හරි අයින් කරමු”
විලුඹ හාරලා වීදුරු කෑල්ල අයින් කරා, වෙන කරන්න දෙයක් නෑ කොල්ලා දිව්වා නටන්න,
මොන දේ උනත්, දළදා පෙරහැරේ නටන්න වරම් ලැබෙන කලා කරුවො එයාලගෙ හැකියාව දක්ෂ කම පෙන්නවා වගේම කකුල් වල කෑලි ගැලවුනත් හිනාව මුන පුරා තියාගෙන පෙරහැරේ නටනවා.
දළදා හාමුදුරුවන්ගේ පිහිටයි 🙏.
හදවතින් කියන්න තියෙන්නෙ එපමනයි. – නිළමේ –
Home දේශිය පුවත් කකුලේ වීදුරු කට්ටක් ඇනිලා තියෙද්දීත් වෙස් තරුණයා නිළමේගෙන් ඉල්ලපු පුදුම ඉල්ලීම! පත්තිරිප්පුව...









