Home ජීවිතයට යමක් මාසෙ පඩිය ලැබුණ ගමන් අතුරුදන් වෙන්නේ ඇයි? මාසෙ අන්තිමටත් රජෙක් වගේ ඉන්න...

මාසෙ පඩිය ලැබුණ ගමන් අතුරුදන් වෙන්නේ ඇයි? මාසෙ අන්තිමටත් රජෙක් වගේ ඉන්න මේක කියවන්න..

0
11

මාසෙ පටන් ගන්නකොට නම් හිතන්නේ,
“මේ මාසේ නම් වියදම් ටික පාලනය කරගෙන සල්ලි ඉතුරු කරනවා” කියලා නේද?
හැබැයි මාසෙ ඉවර වෙන්න කලින්ම බැලුවොත්…
සල්ලි කොහෙට ගියාද කියලා හිතාගන්නවත් බැහැ

ඒකට ලොකු වියදම් විතරක් හේතුවක් නෙමෙයි.

දවසින් දවස කරන පොඩි පොඩි වියදම් තමයි එකතු වෙලා මාසෙ අන්තිමට ලොකු ගාණක් වෙන්නේ.

උදේට coffee එකක්…
දවල්ට delivery එකක්…
හවසට snack එකක්…
අනික online shopping එකේ “මේකත් ගන්නම ඕනේ” කියලා ගන්න පොඩි පොඩි දේවල්…

එක එක වෙලාවට බලද්දී ලොකු ගාණක් වගේ නොපෙනුණත්, මාසෙ අන්තිමට එකතු කරලා බැලුවම වෙනස තේරෙනවා.

ඒ නිසා අද ඉඳන් කරන්න පුළුවන් ලේසිම වැඩක් තමයි දවසේ වියදම් ටික note කරගන්න එක.

රුපියල් 100ක් වියදම් කළත්, 500ක් වියදම් කළත් ලියාගන්න.

සතියක් ගියාම ඔබටම තේරෙයි,
අනේ… මම මේ දේවල්වලට මෙච්චර සල්ලි වියදම් කරනවද? කියලා.

සල්ලි ඉතුරු කරන එක කියන්නේ හැමදේම නවත්වලා ජීවත් වෙන එක නෙමෙයි.

තමන්ගේ සල්ලි කොහෙට යනවද කියලා දැනගෙන වියදම් කරන එක.

ඉතින් ඔයාටත් මාසෙ අන්තිමට සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද?

ඔයාගේ වැඩිපුරම සල්ලි යන්නේ මොන වගේ දේවල්වලටද කියලා comment එකකින් කියන්න. 

 

Previous articleකාවන්තිස්ස ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍ය කණ්ඩායම් දෙකක්
error: Content is protected !!
Verified by MonsterInsights