Home සයුරෙන් එහා පුවත් වරද කාගේද ? ලොවක් කම්පා කල ඉන්දීය ගුවන් අන.තුරේ මූලික වාර්තාවෙන් සියල්ල...

වරද කාගේද ? ලොවක් කම්පා කල ඉන්දීය ගුවන් අන.තුරේ මූලික වාර්තාවෙන් සියල්ල හෙළි වෙයි…!

0
51

 

 

පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් සිදු වූ බිහිසුණු ගුවන් අනතුරට ප්‍රධාන හේතුව එන්ජින් සඳහා ඉන්ධන සැපයුම අක්‍රියවීම බව මූලික විමර්ශන වාර්තාවකින් හෙළි වී තිබේ.

ලන්ඩන් බලා පිටත් වූ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් මෙම යානය අහ්මදාබාද් ගුවන්තොටුපොළෙන් පිටත් වී සුළු මොහොතකට පසු වෛද්‍ය විද්‍යාලීය නේවාසිකාගාර ගොඩනැගිල්ලකට කඩාවැටී අනතුරට ලක්විය.

ඒ හේතුවෙන් යානයේ සිටි එක් මගියෙකු හැර සෙසු සියලු දෙනාම ජීවිතක්ෂයට පත්විය.

ඉන්දීය ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශයේ වාර්තාවට අනුව, යානයේ ඉන්ධන පාලන ස්විච්චයේ සිදු වූ අනපේක්ෂිත චලනයකින් එන්ජින්වලට ඉන්ධන සැපයීම සිදු වී නොමැත.

අනතුරෙන් පැය 49ක පියාසැරි දත්ත සහ පැය දෙකක නියමු කුටියේ ශ්‍රව්‍ය ඇතුළුව ගුවන් යානයේ ‘කළු පෙට්ටියේ’ පටිගත දත්ත අනුව මෙම තොරතුරු හෙළී වී ඇත.

අදාළ පරීක්ෂණ වාර්තාවට අනුව එන්ජින් දෙකෙහිම ඉන්ධන පාලන ස්විචයන් ‘තත්පර 1ක කාල පරතරයකින් එකින් එක RUN සිට CUTOFF ස්ථානයට මාරු කරන විට’ ගුවන් යානය 180ක (airspeed of 180 knots) වේගයකට ළඟා වී ඇත.

පටිගත දත්ත අනුව එක් නියමුවෙකු අනෙක් ගුවන් නියමුවාගෙන් අසා ඇත්තේ ‘RUN සිට CUTOFF’ ලෙසට මාරුකළේ ඇයි දැයි යනුවෙනි.

එහෙත් අනෙක් නියමුවා ඊට පිළිතුරු දී ඇත්තේ තමා එසේ නොකළ බවයි.

ඒ හේතුවෙන් අදාළ ස්විචය යළි තිබිය යුතු ස්ථානයට ආපසු හරවන අතරතුර මෙම අනතුර සිදුව ඇත.

මෙම පාලන ස්විච්චය ස්වංක්‍රියව ක්‍රියා නොකරන අතර, එය ගුවන් නියමුවන් විසින් සිදුකරන කාර්යයකි.

එලෙස ඉන්ධන ස්විචය අක්‍රිය වන්නේ ‘අතිශය දුර්ලභ’ අවස්ථාවකදී බව ගුවන් විශ්ලේෂකයන් පවසයි.

Ada Derana

Previous articleලොවක් කම්පා කරමින් බෞද්ධ ආරාමයකට ගුවන් යානා ප්‍ර.හාරයක්..! ජීවිත අහිමි වූ ගණන තවත් ඉහලට යා හැකි බවට ඉඟි..
Next article“පුතේ ඒ තමයි මේ ලොකෙ රසම සද්දෙ…” ආදරණීය කෛලාෂ් පුතු ගැන අප්පච්චි කී අමුතු කතාවක්..
error: Content is protected !!
Verified by MonsterInsights