Home Uncategorized ඔයාට ඒක දැනුනද? පෘථිවියට කවදාවත් නැති කෙටිම දවස ගත වුණා… තව දවස්...

ඔයාට ඒක දැනුනද? පෘථිවියට කවදාවත් නැති කෙටිම දවස ගත වුණා… තව දවස් 2ක් එනවා….

0
88

මේ වසරේ ජූලි සහ අගෝස්තු මාසවලදී පෘථිවිය අසාමාන්‍ය ලෙස කෙටි දින කිහිපයක් පසු කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ අනුව ජූලි මස 9 වන දින පෘථිවිය මෙතෙක් වාර්තා කළ කෙටිම දිනවලින් එකක් වාර්තා කර තිබෙනවා.

මේ මස 22 සහ අගෝස්තු 5 යන දිනවලදීද වේගවත් භ්‍රමණයක් සිදු වීමට නියමිත බවයි අපේක්ෂා කෙරෙන්නේ.

ඒ මිලි තත්පර 1.3 සිට 1.6 දක්වා පවතින කෙටි වෙනස්වීමක් වන අතර එය මිනිසුන්ට නොපෙනෙන බවයි සඳහන් කරන්නේ.

චන්ද්‍රයාගේ වත්මන් කක්ෂීය පිහිටීම පෘථිවියේ භ්‍රමණය සියුම් ලෙස වේගවත් කරන බව විද්‍යාඥයින් පවසනවා.

පෘථිවිය එහි අක්ෂය වටා එක් භ්‍රමණයක් සම්පූර්ණ කිරීමට ගතවන කාලය සාමාන්‍ය දිනයක් ලෙස හඳුන්වන අතර දළ වශයෙන් එය තත්පර 86,400ක්.

කෙසේ වෙතත් පෘථිවියේ භ්‍රමණ වේගය වෙනස්වීමට චන්ද්‍රයාගේ සහ සූර්‍යාගෙන් ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය, පෘථිවි පෘෂ්ඨයේ භූගෝලීය ක්‍රියාකාරීත්වය, සුළං රටා හා සාගර ධාරාවල වෙනස්වීම් වැනි සාධක බලපායි.

ඒ අනුව මෙම දින තුන මෙතෙක් වාර්තා වූ කෙටිම දින වනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ස්ක්‍රිප්ස් සාගර විද්‍යා ආයතනයේ භූ භෞතික විද්‍යාඥ ඩන්කන් ඇග්නිව් පවසන්නේ, මෙම තත්ත්වය විද්‍යාත්මකව වැදගත් නමුත් යම් ව්‍යසනයකට හේතුවක් නොවන බවයි.

Previous articleසංගීතවේදී ක්ලැරන්ස් විජේවර්ධනයන් සමග නිර්මාණ රැසකට දායක වූ ඔහුත් සිය දිවි ගමනින් නික්ම ගිහින්… සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයෙකුගේ නික්ම යාම ගැන ඇසෙන සංවේදී පුවත
Next articleපියාගේ ටැටූ ආසාව නිසා අවසානයේ නතර වූ තැන… දියණිය වැල්ලෙන් හමුවෙයි…
error: Content is protected !!
Verified by MonsterInsights