අපේ රටේ පලතුරු වර්ග හුඟාක් තිබෙනවා…
මේ කියන්න හදන්නේ අපේ රටේ බොහෝ තැන්වල දකින්න ලැබෙන පලතුරක විස්මිත ගුණ ගැනයි…
වෙරළු කොලෙස්ටරෝල් සඳහා ඉතාම ගුණදායක පලතුරකි. දිනකට වෙරළු ගෙඩි පහක් අවම වශයෙන් ආහාරයට ගන්නවා නම් හිතකර කොලෙස්ටරෝල් මටට්ම යහපත්ව පවත්වා ගැනීමට හැකි බව සඳහන්.
එමෙන්ම ගැබ්ගත් මුල් කාලයේදී ඇති කෑම අරුචියට වෙරළු ගෙඩියක් කටේ තියාගෙන සිටීමෙන් යම් සහනයක් ලැබෙන බවත් බොහෝ දෙනා අත්දැකීමෙන් දනී.
වෙරළු ආහාරයට ගැනීමේ ප්‍රයෝජන වසංගතයක් ලෙස කුඩා දරුවන් අතර පැතිර යන ළමා දියවැඩියාවට ඉතා ගුණ පලතුරකි.
විටමින් සී, ලවණ වර්ග, යකඩ සහ තන්තු අධික වෙරළු ගෙඩිය ශරීරයට ප්‍රතිශක්තිය එකතු කිරීමටත්, මලබද්ධය වැළැක්වීමටත් හේතු වෙයි
සිංහල වෙදකමේදී වෙරළු ගෙඩි පමණක් නොව කොළ, ඇට, පොතු සහ මුල් විවිධ රෝගාබාධ සුව කිරීමට යොදාගෙන ඇති නමුත් ඉන් මූලිකම තැනට පැමිණෙන්නේ සන්ධි ආබාධයි.
සමේ රෝග, දිලිර ආසාදන, හිස් කබලේ ආසාදන, උකුණන් වඳ කිරීම, වේදනා නාශක, අතීසාරය වැනි රෝග මෙන්ම මානසික රෝග සඳහා ප්‍රතිකාර ලෙස යොදන හිසකුඩිච්චිවලටත් වෙරළු ගහේ පස් පංගුව යොදා ගනී.
වෙරළු දල්ලේ ගුණ
වෙරළු කොළයද කැල්සියම්, විටමින් සී හා යකඩ බහුල ආහාරයක්.
ගැහැනු පිරිමි හෝ වයස සීමාවක් නැතිව කොයි කවුරුත් වද විඳින ඉස්හොරි වසංගතයට වෙරළු කොළ ඉස්ම ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයකි. ස්නායු වර්ධනය කරයි.
හිසට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය බාධාවකින් තොරව ක්‍රියා කිරීමට උපකාරී වේ.
හිසකෙස් වර්ධනය කරයි
ආහාර දිරවීම පහසු කරයි
සෙම නසයි
සීනි කොලෙස්ටරෝල් පාලනය කරයි
සම ශක්තිමත් කරයි
ලේ පිරිසුදු කරයි
බඩේ අජීර්ණ තත්වයන්ට ගුණ දේ
ඇස්වල තෙතමනය රඳා ගනී
කුඩා දරුවන්ගේ අස්ථි වර්ධනය කරයි
වෙරළු දලු කැඳ හා මැල්ලුම ආහාරයට ගැනීමට හැකිය.
එසේ ආහාරයට ගැනීමෙන් රක්තහීනතාවට පත්වූ දරුවන්ට ගුණ දේ ..
ගැබිනි මාතාවන්ට ශරීරයට අවශ්‍ය කැල්සියම්, යකඩ හා විටමින් සී යනාදී පෝශ්‍ය පදාර්ථ ලැබේ.
පැසුණු වෙරළු ගෙඩි සමග දලු එක්කොට තම්බා පානය කිරීමෙන් මුත්‍ර රෝගවලට ගුණ ගෙනදේ.
වෙරළු දලුවල ශරීර ශක්තිය වර්ධනය කිරීමේ ගුණ සහිතය.
වෙරළු දලු කැඳ සාදන ආකාරය වෙරළු දලු මිටක් ගෙන වංගෙඩියක දමා වතුර ස්වල්පයක් මිශ්‍රකර කොටා, පෙරා යුෂ වෙන්කරගන්න.
එයට පොල්කිරි, ලුණු, තළාගත් ඉඟුරු කැබැල්ලක් හා හීනියට ලියාගත් සුදු ලූනු ටිකක් එකතු කර උයාගත් බත් ටිකක්ද එකතු කර සාමාන්‍ය කැඳක් ආකාරයට හැඳිගාමින් රත් කරන්න. මඳක් උතුරන්නට හැර පානය කරන්න.
වෙරළු දලු මැල්ලුම්
වෙරළු දලු මිටක් ගෙන හීනියට ලියාගන්න.
එයටම කපාගත් රතු ලූනු, කරපිංචා, අමු මිරිස් අවශ්‍ය පමණ එක් කරන්න.
පොල් ස්වල්පයක් හා ලුණු එක්කර පොල් තෙල්වලින් මලවගන්න. බත් සමග ආහාරයට ගන්න.
උපුටාගැනීමක් …









