අපි හරිම ආසාවෙන් කොළ කැඳ බොනවනේ..
ඒක ඇත්තෙන්ම අපේ ශරීරයට ගොඩක් ගුණදායකයි ආයුර්වේදයට අනුව ස්වභාවික පාන තරම් ගුණ දෙයක් තවත් නැහැ..
ඇඟ සිසිල් කරන ගුණයට අමතරව ලෙඩදුක් සඳහා ස්වභාවික සත්කාරයක් කොළ කැඳවලින් ලැබෙනවා කියලා ඔබ දැන සිටියාද..? මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් ඔබේ සිරුරට ගුණ දෙන පානයක් ගැන ඇසෙන කතාවයි..
මේක ආසියාවේ බොහෝ රටවල අය වගේම දැන් දැන් යුරෝපයේ අයත් ඉතාමත්ම ආසාවෙන් පානය කරන පානයක්… ඇයි ඒ කියලා දන්නවාද..? එයාලා මේ හාස්කම් පානයේ හාස්කම දැන් අවබෝධ කරගෙන ඉන්නේ..
ස්වභාවික ගුණය අතින් කොළ පැහැය ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරන, ශරීරය පිරිසිදු කරන ස්වභාවික ගුණයන් ටොන් ගණනින් පිරුණ පැහැයක් ලෙස සඳහන් කරනවා… ආයුර්වේද බෙහෙත් සැකසීමේදී කොළ පැහැයට මුල් තැනක් දෙන්නෙත් ඒකයි… ආසව, චූර්ණ, කෂාය සහ වෙනත් බෙහෙත් වර්ග සැකසීමේදී ප්‍රාණවත් කොළ සහ ඵල බොහෝ වෙලාවට එයට මුසු කර ගන්නේ ඒකයි…
ඔබ පීඩා විඳින සියයක් රෝග ඇති කරන නිධානය වන්නේ ඔබේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාදාමයේ බිඳ වැටීමයි.. අප ගන්නා අහිතකර විෂ සහිත ආහාර නිසාත්, දියවැඩියාව වැනි ලෙඩ නිසාත්, දියවැඩියාව, කොලෙස්ටරෝල් සඳහා ගන්නා බෙහෙත් වර්ග නිසාත්, මානසික සෞඛ්‍ය නොමැතිකම නිසාත් ශරීරයේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාදාමය බිඳ වැටෙනවා.. එය හරියට රටක නීතිය සහ සාමය රකින ත්‍රිවිධ හමුදාව අක්‍රීය වූවා හා සමානයි.. එහෙම වුණාම මොකද වෙන්නේ..? රටට වින කරන හැම හොරෙක්ම, මංකොල්ලකාරයෙක්ම, ත්‍රස්තවාදියෙක්ම රටට කරන්න තියෙන නරකම විපත් කරනවා.. ඒවාට එරෙහිව කිසිවක් කරන්නට කෙනෙක් නැහැ.. රටේ ජනතාව අසරණව බලාගෙන ඉන්නවා.. ඒ වගේ අපිත් අපේ ශරීරයට වින කරන සියලුම රෝග නිධානයන් සියල්ල කරන තුරු බලාගෙන ඉන්නවා.. ශරීරයේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාදාමය බිඳ වැටිලා.. ඒ වගේම ශරීරය පුරාම විෂ වර්ග දහස් ගණනක් පිරිලා.. මේවා තමයි කාලයක පිළිකා සෛල ලෙස වැඩෙන්නේ..
මේ හේතු නිසා ශරීරයේ ආහාර දිරවීමේ ක්‍රියාදාමය බිඳ බිඳවැටෙනවා.. මුත්‍රා පෙරීමේ කටයුතු අඩාල වෙනවා.. මළ පිටවීමේ ක්‍රියාදාමය අඩාල වෙනවා.. මොළයේ ක්‍රියාකාරිත්වය අඩු වෙනවා.. ඒ නිසාම හඳුනාගන්න බැරි ලෙඩ දාහක් ඇතිවෙනවා.. ඇඟට පණක් නෑ.. දවස පුරාම මුත්‍රා දැවිල්ලයි.. මළ හරියට පිටවෙන්නේ නෑ.. ඇඟ පුදුමාකාර ලෙස ගිනිමැලයක් වගේ ගිනියමයි.. ඌෂ්ණයි.. අවසානයේ නිතර නිතර අසනීප වෙනවා.. ඒවාට තොග පිටින් බෙහෙත් බොනවා. ඒවා නිසා යළිත් ඇඟ ගිනියම් වෙනවා.. අවසානයට ඔබ සදාකාලික රෝගියෙක් වෙනවා.. ඊට කලින් කරන්න දෙයක් නැද්ද..? රෝගවලට බෙහෙත් කරනවාට වඩා නිරාවරණය කිරීම වැදගත්.. අපි මේ හැමදාම කියන්නේ ඒකයි..
අපි අද ඔබට විශේෂිත කොළල පානයක් හඳුන්වා දෙනවා.. එය “හරා පානී” කියලා හඳුන්වන රහස් පානයක්.. ඔබට නිවසේදීම හදාගන්න පුළුවන්.. කොළ කැඳවලට සමාන නමුත් ඒ වගේ පිසින්නේ නෑ.. බ්ලෙන්ඩර් කරපු ගමන්ම පානය කරනවා..
අපි කියනවට සතියක් දෙකක් බීලා බලන්න.. ඔබට කියාගන්න බැරි පහසුවක්, සනීපයක්, සැනසීමක් දැනෙයි.. එහෙම වෙන්නේ ශරීරය පිරිසිදු වී ප්‍රතිශක්තිකරණය යළිත් ඇතිවෙන නිසයි..
කොළ පානය සාදාගැනීම සඳහා අවශ්‍ය දේවල් :-
– කොළ ඇපල් ගෙඩි 1/2 ක්
– සිහින්ව ලියාගත් ඉඟුරු මේස හැඳි 01 ක්
– මින්චි කොළ මිටක් (ගස් දෙක තුනක් වැනි කුඩා මිටක්)
– පාස්ලි කොළ මිටක් (ගස් දෙකක් ඇති. එහි දණ්ඩත් සමඟම ගන්න.)
– දෙහි ලෙලි කුඩු තේ හැඳි 01 ක් (දෙහි ලෙල්ල සිහින් ග්‍රේටරයකින් ග්‍රේට් කරලා දෙහි ලෙලි කුඩු ගන්න පුළුවන්)
– දෙහි ගෙඩියක යුෂ
– මීපැණි මේස හැඳි 01 ක්
– කොළ පිපිඤ්ඤා ගෙඩි 1/2 ක් (පොත්තත් සමඟ ගන්න. කුඩා කැබලි වලට කපාගන්න)
– නිවිති කොළ ටිකක් (ලොකු කොළ වලින් මෝරපු කොළ දෙකක් ගන්න. ඒ ඇති)
– බීට් කොළ දෙකක් (බීට්රූට් ගහක කොළ දෙකක්)
– කොළ පැහැ ගත් ලොකු ඔලිව් ගෙඩි දෙක තුනක් (සොයාගන්න පුළුවන් නම් විතරයි)
– බෙහෙත් නෙල්ලි ගෙඩි 05 ක් (කුඩා කැබලි වලට කපාගන්න)
– සුදුළූණු බික් 02 ක්
සාදාගන්නා ආකාරය සහ පාවිච්චි කරන ආකාරය :-
මේ සියල්ල වතුර වීදුරුවක් සමඟම බ්ලෙන්ඩරයට දමන්න. මීපැණි දමන්න එපා. අනිත් සියලුම දේ දමන්න.
විනාඩි හතරක් පමණ හොඳින් බ්ලෙන්ඩර් කරන්න. අවශ්‍ය නම් පමණක් පෙරාගන්න. ඒත් බේරා නොගෙන බොනවා නම් වඩා හොඳයි.
අවසානයට මී පැණි මිශ්‍ර කරන්න.
වීදුරු දෙකකට දමන්න.
උදේ වරුවේ එකක් පානය කරන්න. අනිත් වීදුරුව ගෙදර තවත් කෙනෙක්ට දෙන්න.
කිසිම අගුණයක් නැහැ. මළ ටිකක් බුරුලට පිටවෙයි. ඒක සාමාන්‍ය දෙයක්. සතියකට දෙවතාවක් බොන්න. ඉතාම ගුණදායකයි.
මුහුණුපොත ඇසුරෙන්..









