Home Uncategorized දරුවන්ට ස්මාර්ට් ෆෝන් දෙන්න කලින් මේ ගැනත් හිතන්න. ගැහැනු ළමයින්ට විශේෂයි !

දරුවන්ට ස්මාර්ට් ෆෝන් දෙන්න කලින් මේ ගැනත් හිතන්න. ගැහැනු ළමයින්ට විශේෂයි !

0
51

 

නව යොවුන් වියේ දරුවන් ස්මාර්ට්ෆෝන් සහ සමාජ මාධ්‍ය භාවිතයෙන් වැළැකිය යුතු බව නව පර්යේෂණයක් පෙන්වා දී තිබෙනවා.

වයස අවුරුදු 13ට අඩු දරුවන් අතර ස්මාර්ට්ෆෝන් භාවිතය නිසා සියදිවි නසා ගැනීමේ සිතුවිලි, නරක චිත්තවේගීය නියාමනය, අඩු ආත්ම වටිනාකම, යථාර්ථයෙන් වෙන්වීම යන සිතුවිලි හට ගන්නා බවයි පර්යේෂණයේ දැක්වෙන්නේ.

“Joual of Human Development and Capabilities” සඟරාවේ පළ කරන ලද අධ්‍යයනයක් අනුව, වැඩි වශයෙන් ගැහැණු ළමුන් මේ ආකාරයේ මානසික ගැටළුවලට වැඩි වශයෙන් ලක්වන බව හෙලි වී තිබෙනවා.

සඳුදා විදෙස් මාධ්‍ය වෙත නිකුත් කරන ලද පර්යේෂණ වාර්තාවේ දක්වා ඇත්තේ, වයස අවුරුදු 13 ට පෙර දරුවන් ස්මාර්ට්ෆෝන් භාවිතයට ලක් වීම ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට හානිකර බවයි.

මෙම පර්යේෂණය සඳහා රටවල් 163කින් මිලියන 2කට ආසන්න ජනතාවගේ දත්ත භාවිතා ගෙන තිබෙනවා.

Previous articleප්‍රේමයේ කීර්තිය සොයා ඇයද ඔහු සොයා ගිහින්…!
Next article“මගේ අම්මේ…. මගේ හුස්ම නවතින්න නම් ඔබේ තුරුල්ල ඕනෑකර තිබේ…” නික්ම ගිය ඇය වෙනුවෙන් ආදරණීය පුතු කලකට පෙර ලියූ සටහනක් මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights