කෙනෙකුගේ ශරීරයේ අඟ පසඟවල පිහිටීම අනුව ඔහුගේ හෝ ඇයගේ චරිත ලක්ෂණ පිළිබඳව අනාවැකි පැවසීම දේහ ලක්ෂණ විද්‍යාව ලෙස සැලකේ.
අතීතයේ විසූ සෘෂිවරු විසින් ස්ත්‍රියකගේ පා ඇඟිලිවල පිහිටීම හා ප්‍රමාණය ආදිය පරීක්ෂා කොට ඔවුන්ගේ ජීවිත පිළිබඳව විවිධාකාර රහස් හෙළි කරනු ලැබිණ. මේ ලිපියෙන් විස්තර කරනුයේ එවන් ලක්ෂණ පිහිටීමෙන් හෙළිවන ඔවුන්ගේ ජීවන තොරතුරු පිළිබඳවය.
යම් ස්ත්‍රියකගේ පාදය සිනිඳුවද, වට වූ ස්වභාවයෙන් හා රෝස පැහැයෙන් යුක්ත වූයේ නම් ඇය බොහෝ සම්පත් ලැබීමට වාසනාවන්තය. එවිට නිර්මල ද නෙළුම් පෙති පියන් සේ මොළොක්වද වූයේ නම් ඇයද ඉතා වාසනාවන්ත බව පැවසේ. පාදයේ දෙවැනි ඇඟිල්ල මැදැඟිල්ලට වඩා මඳක් දික්ව පොළොව ස්පර්ශ කරයි නම් යහපත් වාසනාවන්ත දරුවන් හිමිට සැපවත් දිවියක් ලබන්නීය.
යම් ස්ත්‍රියකගේ පාද අඳුරු පැහැයෙන් හා කුල්ලක හැඩයෙන් යුතුවෙයි ද පා ඇඟිලි අපිළිවෙලින් විසිරුණු ස්වභාවයෙන් පිහිටා ඇත්තේද නියපොතු කුලුවල පිට වැනි ආකාරයෙන්ද පිහිටා ඇත්නම් එම ස්ත්‍රීහුද වාසනාවන්ත නොවෙති. දාසියක් හා සමානව ජීවිත කාලය තුළම දුක් විඳින්නීය. උගතුන් යුක්ත පවුලක උපත ලැබුවන් ඇය කම්කරු ස්ත්‍රියකගේ ස්වභාවය පෙන්නුම් කරයි. පහත් තත්ත්වයේ සිටිනා පුරුෂයන්ගේ අසුර පතයි. යහපත් පිරිමින්ට ප්‍රිය මනාප අයුරින් සිටීම හෝ ක්‍රමානුකූලව ඇඳුම පැළඳුම්වලින් සැරසී සිටීමට හෝ ප්‍රිය නොකරයි. කලඑළියට පැමිණීම වෙනුවට ගේ තුළටම වී සිටීම ප්‍රිය කරන්නීය. සුළු ශාරීරික වේදනාවක් වුවත් විඳ දරා ගැනීමට අපහසුය. ඔවුන්ගේ විවාහ ජීවිතයද සාර්ථක නොවේ.
දික් සහිත පාද හිමිවීමද වාසනාවන්තය. කෙටි පාද කපටිකම හා වංචනික බව හෙළි කරයි. සුළැඟිල්ල අනෙක් ඇඟිලිවල වඩා උස නම් ඇය දුරාචාරයේ යෙදෙන්නීය. එය සම්පූර්ණයෙන්ම බිම නොවදින්නේ නම් ඇය හිතුවක්කාරය. බිම වදින්නේ නම් යහපත්ය.
පය කකුළුවකුගේ මෙන් නම් ඇයට මෙහෙකාර වෘත්තියේ යෙදීමට සිදුවෙයි. පයේ ඇඟිලි වැඩිනම් බොහෝ දරුවන් ලබන්නීය. පාදයෙහි පතුල මැද නැමී උඩට නෙරා පිහිටියේ නම් පය බිම තැබූවිට දෙපැත්ත පෙනෙන කුහරයක් සේ පිහිටියේ නම් ඇය දිවි ඇතිතෙක්ම දිලින්දියක් ලෙස දිවි ගෙවන්නීය.
ගමන් කරන විට එක් පාදයක් ඇලකර තබමින් හෝ පය බිම අද්දමින් හෝ එම දෙකාරයෙන්ම හෝ ගමන් කරන ස්ත්‍රිය මවගෙන් හෝ පියාගෙන් ප්‍රසාදයක් නොලබයි. විවාහපේක්ෂාවෙන් ඇසුරු කළ පිරිමිද ඇය අත හැර යති. කෙතරම් ඉගෙනීම ලැබුවත් ඉන් ඇය ප්‍රතිඵලයක් නොලබයි. විවාහට පත්වූවත් ජීවිතය සාර්ථක නොවේ.
යම් ස්ත්‍රියකගේ කෙණ්ඩා යුගලය මනාසේ පරිපූර්ණව පැහැපත් ඡවි වර්ණයෙන් යුක්ත වීම රෝම රහිතව ලේ ශිරා මතු වී නොපෙනීම, දෙදන එක සමානවීමද යහපත්ය. ඇයගේ පය ඇඟිලි එක පිට එක ගැසුණා වූයේ නම් ඉතා අසුබය. ඕ තොමෝ සිය සැමියා වෙනත් හිමියන් සමඟ සතුටුවෙන බව කියැවේ. බොහෝවිට වෛශ්‍යාවන්ගේ පා ඇඟිලි මේ අයුරින් පිහිට ඇතැයි කියනු ලැබේ. පාදයේ නිය සිනිඳුව වට වූ ස්වභාවයෙන් හා තඹ වර්ණයෙන් යුක්ත වූයේ නම් ඇය බොහෝ සම්පත් ලබන්නීය.
පාද නැමුණු ආකාරයෙන් වූයේ නම් ඇය සදාකල්හිම දිළිඳු බවින් කල්ගත කරන්නීය. පා ඇඟිලි ඝනව මහපට ඇඟිල්ලේ සිට සුලඟිල්ල දක්වා ක්‍රමයෙන් කෙටි වී පිහිටීමද ඉතාමත් සුබ ලක්ෂණයකි. යටි පතුල් රත් පැහැවීමක් එහි රේඛා අතර මත්ස්‍ය රූප, වී ඇට, නඟුල, කඩුව යනාදී රූපසටහන් පිහිටා තිබීම රජ බිසවකට සමාන සැප සම්පත් ලැබීමට හේතුවනු ඇත.
මහපට ඇඟිල්ල දික්ව මහත්වී තද ගතියකින් යුක්ත නම් ඇය එඩිතරය. අහංකාරය. වැඩි දෙනාගේ අප්‍රසාදයට ලක්වේ. එහෙත් සැප සම්පත්වලට උරුමකම් කියන්නීය. රාජ්‍ය සම්මාන පවා හිමි වේ.
අනාමික ඇඟිල්ල හෙවත් පයේ දෙවැනි ඇඟිල්ල මසින් පිරි මහපට ඇඟිල්ල දෙසට නැඹුරු වූයේ නම් දෙමාපිය වැඩිහිටියන්ගේ නොමද ගෞරවයට ලක්වෙයි. චරිතය නොකැලැල්ය. කුල සිරිත් ආරක්ෂා කර ගනී. ස්වාමි පුරුෂයාගේ නොමද ආදරය ලබයි. සැපවත් යුගදිවියක් හිමිය. පති භක්තියෙන් යුක්ත වන්නීය. අනාමික ඇඟිල්ල හා මහපටඟිල්ල වඩා දික්ව සිහින්ව පිහිටියේ නම් සැමියා සමඟ නිතර අඬ දබර කරන්නීය. ඔහුව පාලනය කරන්නීය. අනාමික ඇඟිල්ල මැදැඟිල්ලට වඩා මඳක් දික්ව පොළොව ස්පර්ශ කරයි නම් යහපත් දූ දරුවන් මෙන්ම සැපවත් ජීවිතයක්ද හිමි වෙයි. ගමනේ දී ඇඟිලි තුළින් ශබ්දයක් බිහිවේ නම් ජීවිතයේ සැඳෑසමය දුක්විඳීමට සිදු වේ. පිරිමියකුගේ පාදවල ඇඟිලි කෙටිවීම ශුභ නොවේ. ඒවා සම දිගින් පිහිටා තිබීම යහපත්ය. ඇඟිලි අතර ලොකු හිඩැස් ඇත්තේ නම් හෙතෙම ගෘහ සේවකයා බවට පත්වේ.
උපුටාගැනීමක්
සුබසෙත